මධුෂානි රිදී පදක්කමකින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනට එකතු කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 24, කොළඹ (LNW): ඩුබායි හී පැවැත්වෙන විසි එක්වන ආසියාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා සුරතාවලියේ කාන්තා තුන් පිම්ම ඉසව්වේ රෙදී පදක්කම දිනා ගැනීමට නෙත්මිකා මදුෂානි හේරත් සමත් වුණා. මීටර් 13.01 ක් වූ හොඳම පෞද්ගලික දක්ෂතාවය දක්වමින් ඇය රිදී පදක්කමට පිවිසෙන්නට සමත් වුණා.

ක්‍රිෂාන්ත කුමාර යටතේ පුහුණුව ලබන ඇය මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක්. නෙත්මිකා මදුශානි හේරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වන ක්‍රීඩක කණ්ඩායමේ නායිකාවද වෙනවා.ඇය තුන් පිම්ම ඉසව්වට අමතරව මෙම තරගාවලියේදී දුර පැනීමේ ඉසව්වද නියෝජනය කිරීමට නියමිතයි.

මේ වන විට වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටින ඇය,ඇයගේ පවුලේ සෙසු සහෝදරයන් මෙන්ම,අධ්‍යාපනයේද ඉහළ හපන්කම් ඇත්තියක වීම,විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

මේ සමග දැක්වෙන්නේ ඇයගේ ජයග්‍රාහී පිම්මයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...