මෙහෙම හරි ඉන්න රටක් තියෙන්නෙ අපි බලය ගත්ත නිසා – ප්‍රසන්න රණතුංග

0
306

වර්තමානයේදී ආණ්ඩුව සහ ජනතාව මුහුණ දී ඇති බොහෝ ගැටලුවලට වගකිව යුත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. යහපාලන ආණ්ඩුවේ බොහෝ ක්‍රියාකාරකම්වල වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ වත්මන් ආණ්ඩුවට බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් ඒ සියල්ල අභියෝග සේ සලකා එම අභියෝගවලට මුහුණ දෙන බවත්, අභියෝග හමුවේ පැන දුවන්නට කටයුතු නොකරන බවත් රණතුංග මහතා සඳහන් කරනවා.

ආණ්ඩුව අර්බුද විසඳීමට උපරිම උත්සාහ ගනිද්දී ඊට සහයෝගය ලබාදීම වෙනුවට දිගින් දිගටම කඩාකප්පල්කාරී ලෙස හැසිරෙන බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එය අලුත් දෙයක් නොවන බවයි. මීට පෙර අවසන් යුද සමයේදීද එවක විපක්ෂය මේ අයුරින්ම කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු බව ඇමතිවරයා සිහිපත් කරනවා.

ආණ්ඩුව තුළද විවිධ අඩුපාඩු තිබෙන බවත්, කෙසේ නමුත් ඒ සියලු අඩුපාඩු නිවැරදි කර ගනිමින් රට ඉදිරියට ගෙනයාම අරමුණ බවත් රණතුංග මහතා සඳහන් කරනවා. මේ තරමින් හෝ රටක් ඉතිරිව තිබෙන්නේ වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයේ සිටින නිසා බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වෙනත් පක්ෂයක් බලයේ සිටියේ නම් මේ වනවිටත් රට නැත්තටම නැති වී අවසන් බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here