විස්සයි විස්ස තානාපති තනතුර උසෙයින් බෝල්ට් ට

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 25, කොළඹ (LNW): තරු ගුණය යනු එක විෂයකට පමණක් සීමා නොවුණු එකකි.එහි එළියෙන් වෙනත් කේෂත්‍රයන් ද ආලෝක වන තරමට එම තරු ගුණ සුවිශේෂී විය යුතුය.මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී තරගාවලියේ තානාපතිවරයා ලෙස පත් කර ඇති උසෙයින් බෝල්ට් කියන්නේ ඒ තරු ගුණය පිළිබඳ පරමාදර්ශයක්ය.


ඔහුගේ ධාවනයට සෑම අයෙක්ම ආශක්ත විය.ඕනෑම ක්‍රීඩාවක චලන රූපයන්ට ආසා කරන එහි රිද්මව දැනෙන,නමනීයත්වය මෙන්ම නොසැලෙන ගුණය ගැන හැඟීමක් ඇති අයෙක් විඳින ඕනෑම කෙනෙක් බෝල්ට් ගේ චලන රූපවලට ආශක්තවීම සහ ඇබ්බැහි වීම නොවැළක්විය හැකිය.ඒ තරම්ම ආනන්දය උපදවන සුළු ධෘවනයක යෙදෙන මේ අපූරු ධාවකයා මේ වන විට ක්‍රීඩාවෙන් සමුගත්ත ද දවසකට මිලියන ගණන්,බිලියන ගණන් ජනතාව ඔහුගේ මතකය පොදු සමාජ මාධ්‍යන්වලට එබෙමින් සෙවීම සුලභ කරුණක්ය.


එවන් සිත් දිනූ මිනිසෙක් අයිසීසී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තානාපතිවීම අසාමාන්‍ය දෙයක් නොවේය.එහෙත් බෝල්ට් ධාවන පථයට ඇඳ ගන්නේ ක්‍රිකට් පිටියෙන්ය.දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකුව සිටි ගැටවර වියේදී ඔහුගේ සමකාලීනයන් වූයේ ක්‍රිස් ගේල් වැන්නන්ය.එහෙත් මේ ක්‍රිකට් ක්‍රීඩකයා තුළ තිබුණ ජවසම්පන්න බව ක්‍රිකට්වලට වඩා ලොව කළඹවනු ඇතැයි ක්‍රීඩාව ගැන කියවීමක් තිබුණු පුහුණු ඥාණය විසින් කියවා ගැනීම මෙන්ම බෝල්ට් ට ඒ දැණුමට නැමෙන සුළු බුද්ධියක් තිබීම නිසා උසෙයින් බෝල්ට් යනු ලොව මවිතයට පත් කළ සුපිරිම කෙටි දුර ධාවකයා ලෙස මලල ක්‍රීඩා ඉතිහාසය තිබෙන තුරු ඔහුගේ වාර්තා බිඳුනද කතා කරන්නට හේතු ඉතිරිවනු ඇත.


පහත සබැඳියෙන් ඔහු පිළිබඳ අයිසීසිය විසින් ඉදිරිපත් කර ඇති වීඩියෝව නැරඹීමට හැකිය.

https://www.icc-cricket.com/tournaments/t20cricketworldcup/videos/i-was-an-all-rounder-t20-world-cup-ambassador-usain-bolt-on-his-love-for-cricket

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...