හේමන්ත ගේ GOODBYE EVIL රූගත කිරීම් මෙරට සහ එරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 25, කොළඹ (LNW): දෙස් විදෙස් පසුතල යොදා ගනිමින් රූගත කිරීමට සූදානම් GOODBYE EVIL සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල පසුගියදා පැවත්වුණා.දශක තුනකට අධික කාලයක් කලාව ජිවිතය කරගෙන ජීවත්වන හේමන්ත ප්‍රසාද්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම සිනමා නිර්මාණයේ නිෂ්පාදක සත්කාර්යයට නෙල්සන් ප්‍රනාන්දු දායක වෙනවා.


හේමන්ත ප්‍රසාද් අසූව දශකයේ අග භාගයේ සිට 90 දශකය පුරා ලාංකේය වේදිකාවේ කැපී පෙණුන චරිතයක්.රංගන ශිල්පියෙකු ලෙස,අධ්‍යක්ෂවරයෙක් ලෙස මෙන්ම පිටපත් රචනයේදි සම්මානනීය වූ කලාකරුවෙක් වෙන හේමන්ත විසින් පළමුව වේදිකාවට හදුන්වා දීමෙන් ඉක්බිති කලා කේෂ්ත්‍රයේ විවිධ මාධ්‍යයන් හී කුසලතා දැක් වූ ශිල්පීන් විශාල ප්‍රමාණයක් දකින්නට ලැබෙනවා


හේමන්තගේ GOODBYE EVIL සමඟ සංජීව උපේන්ද්‍ර,චමීර ලියනගේ,සුජානි මධුවන්ති, සංජීව දිසානායක,උදේනි අල්විස්, චමින්ද බටුකොටුව,ප්‍රභා සඳසීලි,සුපුන් මදුරංග,චින්තක විමලසිංහ,චින්තන ආරියවංශ ,සශිත් හර්ෂණ ඇතුලු රංගන ශිල්පීන් රැසක් රංගනයට එක්වීමට නියමිතයි.මෙහි රේඛීය නිෂ්පාදනය රංජන් ප්‍රසන්න විසින් සිඳු කරන අතර පුෂ්පිත නිර්මාල් කැමරා අධ්‍යක්ෂවරයා ලෙස සම්බන්ධ වෙනවා.දිනේෂ් ජයශාන්ත කලා අධ්‍යක්ෂණයෙන් දායක වන මෙම සිනමා නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස දිනිත් අභිෂේක් කටයුතු කරනවා.සොඳුරු ලොකුපෝතාගම සහය අධ්‍යක්ෂණයෙන් සහය වන GOODBYE EVIL නිෂ්පාදන කළමණාකරු ලෙස කවීන්ද්‍ර ගංගීත් කටයුතු කරන අතර අත්දැකීම් බහුල ප්‍රවීන කලාකරුවෙක් වන සුමේධ හේවාවිතාරණ අංග රචක ශිල්පියා ලෙස මෙම සිනමා නිර්මාණය සමඟ එක් වෙනවා.
මේ සමඟ දැක්වෙන්නේ GOODBYE EVIL මුහුරත් දිනයෙන් උපුටා ගත් ඡායාරූප කිහිපයක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...