පොලිස්පතිවරයාගෙන් ළමා අපචාර මඬින්න අලුත් වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, කොළඹ (LNW):මෙටර නිරන්තරයෙන් අසන්න දකින්න ලැබෙන ළමා අපචාර හා හිංසන ඉහළ යාම පාලනය කිරීම සඳහා මැයි පළමුවැනිදා සිට සෑම පොලිස් ස්ථානයකටම ළමා හා කාන්තා කාර්යාංශයේ වෙනමම කාර්යාල ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.

අනිවාර්‌යෙන්ම මෙම ඒකකයේ ස්ථානාධිපති ලෙස පොලිස් පරීක්ෂිකාවක් හෝ උප පොලිස් පරීක්ෂකවරියන් සිටිය යුතු අතර පොලිස් කොස්තාපල්වරියන්ද එම ඒකකයට අනුයුක්ත කිරීමට නියමිත බවත්, පොලිස් ස්ථානවල සිටින පොලිස් කාන්තාවන් මෙම ඒකකයට අනුයුක්තව හදිසි අවස්ථාවලදී පොලිසිය රාජකාරී සඳහා රැගෙන යාමට හැකි බව පැවසේ.

මේ අනුව කාර්යාලවල රාජකාරි සඳහා යෙදී සිටි පොලිස් කාන්තාවන්ද සෑම පොලිසියකම ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරී සඳහා මාරු කර යැවීමට තීරණය කර ඇති අතර, මෙම ඒකකය සඳහා පොලිස් ස්ථානයේ වෙනමම ස්ථානයක් වෙන්කළ නොහැකිනම් වෙනමම කාර්යාලයක් සකස් කරගැනීමට ප්‍රතිපාදන වෙන්කර දීමටත් තීරණය කර ඇහි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට එරෙහි පෙත්සමක් ප්‍රතික්ෂේප කෙරේ

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්...

හර්ෂිතා පළමු පෙළ එක්දින තරගාවලියට දැවන්ත ඉණිමකින් වැඩ අල්ලයි

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 01, කොළඹ LNW: ශ්‍රී ලංකා...

BREAKING NEWS : ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ බද්ද 20% දක්වා අඩුකරයි !!

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින්...