පොලිස්පතිවරයාගෙන් ළමා අපචාර මඬින්න අලුත් වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, කොළඹ (LNW):මෙටර නිරන්තරයෙන් අසන්න දකින්න ලැබෙන ළමා අපචාර හා හිංසන ඉහළ යාම පාලනය කිරීම සඳහා මැයි පළමුවැනිදා සිට සෑම පොලිස් ස්ථානයකටම ළමා හා කාන්තා කාර්යාංශයේ වෙනමම කාර්යාල ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.

අනිවාර්‌යෙන්ම මෙම ඒකකයේ ස්ථානාධිපති ලෙස පොලිස් පරීක්ෂිකාවක් හෝ උප පොලිස් පරීක්ෂකවරියන් සිටිය යුතු අතර පොලිස් කොස්තාපල්වරියන්ද එම ඒකකයට අනුයුක්ත කිරීමට නියමිත බවත්, පොලිස් ස්ථානවල සිටින පොලිස් කාන්තාවන් මෙම ඒකකයට අනුයුක්තව හදිසි අවස්ථාවලදී පොලිසිය රාජකාරී සඳහා රැගෙන යාමට හැකි බව පැවසේ.

මේ අනුව කාර්යාලවල රාජකාරි සඳහා යෙදී සිටි පොලිස් කාන්තාවන්ද සෑම පොලිසියකම ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරී සඳහා මාරු කර යැවීමට තීරණය කර ඇති අතර, මෙම ඒකකය සඳහා පොලිස් ස්ථානයේ වෙනමම ස්ථානයක් වෙන්කළ නොහැකිනම් වෙනමම කාර්යාලයක් සකස් කරගැනීමට ප්‍රතිපාදන වෙන්කර දීමටත් තීරණය කර ඇහි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...