ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

රෝහල් තුළ සිදු විය හැකි ඊශ්‍රායල යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව, ගාසාවේ සිවිල් ආරක්‍ෂක අංශය පවසයි.මේ පිළිබඳ අවධානය යොමුව ඇත්තේ, නසාර් රෝහල අසල සමූහ මිනීවළකින් සිරුරු සිය ගණනක් ගොඩගැනීමත් සමඟයි.

ගාසා තීරයේ මිලියනයකට වඩා වැඩි පිරිසක් මේ වන විට අවතැන්ව සිටින අතර, ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීනුවන් 34,356 ක් මිය ගොස් 77,368 ක් තුවාල ලබා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...