ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමකින් ජීවිතයක් අහිමි වෙයි

Date:

ඉන්ධන පෝලිමකදී ඇති වූ බහින් බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග යාම හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. මියගොස් තිබෙන්නේ කොළඹ 14 ප්‍ර‌දේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල වෙත අදාල තරුණයා සිය යතුරුපැදියෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ගොස් සිටියදී ඉන්ධන පෝලිමේ සිටි ත්‍රිරෝධ රථ හිමිකරුවෙකු සමග ආරවුලක් ඇතිව තිබේ.

ඉන්ධන ලබාගෙන අදාල තරුණයා ඉන්ධන පිරවුම්හලෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මග රැක සිට ත්‍රිරෝද රථ රියදුරා, තරුණයාට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. ප්‍රහායෙන් බරපතල තුවාල ලැබූ තරුණයා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පෝලිම් හේතුවෙන් ඇතිවන ගැටුම්කාරී තත්වයන්, උණුසුම්කාරී තත්වයන් පිළිබඳව දිනපතා වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...