ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමකින් ජීවිතයක් අහිමි වෙයි

ඉන්ධන පෝලිමකදී ඇති වූ බහින් බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග යාම හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. මියගොස් තිබෙන්නේ කොළඹ 14 ප්‍ර‌දේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල වෙත අදාල තරුණයා සිය යතුරුපැදියෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ගොස් සිටියදී ඉන්ධන පෝලිමේ සිටි ත්‍රිරෝධ රථ හිමිකරුවෙකු සමග ආරවුලක් ඇතිව තිබේ.

ඉන්ධන ලබාගෙන අදාල තරුණයා ඉන්ධන පිරවුම්හලෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මග රැක සිට ත්‍රිරෝද රථ රියදුරා, තරුණයාට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. ප්‍රහායෙන් බරපතල තුවාල ලැබූ තරුණයා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පෝලිම් හේතුවෙන් ඇතිවන ගැටුම්කාරී තත්වයන්, උණුසුම්කාරී තත්වයන් පිළිබඳව දිනපතා වාර්තා වේ.

UN