2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2047 වන විට ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බවට ආකර්ශනීය පොරොන්දු පිට අගමැති මොදී තෙවන වර අගමැතිකම අපේක්ෂවෙක් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව තිබේ..

අගමැති මොදී ප්‍රථම වරට බලයට පත්වන විට ඔහුගේ ආන්ඩුවට උරුම වූයේ ප්‍රපාතයට ඇද වැටෙමින් තිබූ ආර්ථිකයකි. වර්ධනය මන්දගාමී වූ අතර ආයෝජක විශ්වාසය අඩු විය. ඉන්දියානු ප්‍රකෝටිපතියන් දුසිමක් බංකොලොත් වී සිටි අතර ඔවුන්ගේ ණය දීමට ඇති හැකියාව අඩපණ කර ඇති දැවැන්ත නොගෙවූ ණයවලින් රටේ බැංකු හසුවී තිබිණ.

මෙවැනි තත්වයක් තිළ භාරතීය ජනතා පක්ෂය (BJP) “Modinomics”යන ආර්ථික දැක්ම ඔස්සේ ක්‍රියාත්මක වූ අතර ආණ්ඩු බලය ගෙන වසර 10ක් ගතවන විට ඉන්දියාවේ වර්ධනය අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන් අභිබවා යමින් පවතී, එහි බැංකු ශක්තිමත් වන අතර COVID-19 වසංගතය හමුවේ පවා රජය මුල්‍යමය වශයෙන් ස්ථාවර වී ඇත. එපමණක් නොව ඉන්දියාව G20 සාර්ථකව සත්කාරකත්වය දැරූ අතර, චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය අසලට රොකට්ටුවක් යවමින් ඉතිහාස ගත විය. ඩිජිටල් විප්ලවය වෙනුවෙන් මූඩිගේ තල්ල්ලුව හෙත්වුවෙන් රටේ දුප්පත්ම මිනිසුන්ගේ ජීවිත පරිවර්තනය වීමට පටන්ගෙන තිබේ.

නව මාර්ග, ගුවන් තොටුපළ, වරාය සහ මෙට්‍රෝ ඉදිකිරීම මොදිගේ ආර්ථික ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානය වී ඇති අතර පසුගිය වසර තුන තුළ යටිතල පහසුකම් වියදම් (ප්රාග්ධන වියදම්) සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 100 කට වඩා වියදම් කර ඇත. 2014 සහ 2024 අතර ජාතික මහාමාර්ග කිලෝමීටර 54,000 (සැතපුම් 33,554) පමණ ඉදිකර ඇති අතර එය පෙර වසර 10 ට වඩා දෙගුණයකි.

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා ගිය අතර Morgan Stanley හි විශ්ලේෂකයින්ට අනුව, එය ජපානය සහ ජර්මනිය අභිබවා 2027 වන විට තුන්වන ස්ථානයට පැමිණීමට නියමිත බවට පුරෝකථන ඉදිරිපත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...

OPA හි සභාපති ලෙස තිසර ද සිල්වා පත් වෙයි(2025/2026)

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : 2025/2026 වර්ෂය සඳහා...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!

කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම...