*
Saturday, May 24, 2025
spot_img

Latest Posts

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මයික්‍රොසොෆ්ට් ආයතනය ඉන්දුනීසියාවේ කෘතිම බුද්ධිය සහ ක්ලවුඩ් සේවා සඳහා ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කිරීමට සැළසුම් කර ඇති බව මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී සත්‍ය නාඩෙල්ලා ප්‍රකාශ කර තිබේ.

මෙම ආයෝජනය ප්‍රකාශයට පත් කරමින් මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, ඩොලර් බිලියන 1.7ක නව ආයෝජනය අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකයේ නව යුගයක් සමෘද්ධිමත් වීමට උපකාරී වනු ඇති බවයි. මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය වන අතර මෙමඟින් ඩිජිටල් යටිතල පහසුකම්, නිපුණතා සහ සංවර්ධකයින් සඳහා වන සහයෝගය ඉන්දුනීසියාවට දියුණු වීමට උපකාරී වනු ඇත.

ජකර්තාහි ජනාධිපති මදිරයේදී ඉන්දුනීසියානු ජනාධිපති හමුවූ මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී නඩෙලා ප්‍රකාශ කර තිබුණේ, මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවට නවතම සහ විශිෂ්ටතම AI යටිතල පහසුකම් ගෙන එනු ඇති බවයි.

මිලියන 280 ක පමණ ජනගහනයක් සිටින ඉන්දුනීසියාව අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය වන අතර ඉන්දියාව සහ චීනයට පසුව කලාපයේ තුන්වන විශාලතම සංවර්ධක ප්‍රජාවගේ නිවහනයි.

ඒ අනුව, මෙම සැලසුම යටතේ ඉන්දුනීසියාවේ පුද්ගලයින් 840,000 AI භාවිතය පිළිබඳව පුහුණු කරනු ඇති අතර රටේ වර්ධනය වන තාක්‍ෂණ සංවර්ධකයින් සඳහා සහාය ලබා දෙනු ඇත. ඒ අනුව 2030 වන විට AI මගින් අග්නිදිග ආසියාවේ දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් ට්‍රිලියන 1 කට ආසන්න දායකත්වයක් ලැබෙනු ඇති අතර එමඟින් ඉන්දුනීසියාව ඩොලර් බිලියන 366 ක ලාභයක් ලබා ගනු ඇති බවට ගණන් බලා තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan