ඉන්දියානු ණයෙන් පසු චීනෙනුත් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන දෙකහමාරක ණයක් ඉල්ලලා!

Date:

ශ්‍රී ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහමාරක ණයක් ඉල්ලා තිබෙන බව මෙරට චීන තානාපති කුයි ෂැංහොං මහතා අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් චීනය සලකා බලමින් සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

එම ණය මුදල ඉල්ලා ඇත්තේ ඩොලර් බිලියනයක ණය මුදලක් සහ ඩොලර් බිලියන එකහමාරක ණය පහසුකමක් ලෙසය.

ශ්‍රී ලංකාවට වැඩිම විදෙස් ණය ආධාර ප්‍රමාණයක් ලබා දී ඇති රට ලෙස චීනය දැක්වෙන අතර මෙරට විවිධ සංවර්ධන කටයුතු සඳහා චීනය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 16 කට අධික මුදලක් මෙරටට ලබා දී තිබේ.

ලෝක ශ්‍රේණගත කිරීම්වල ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබුණත් චීනය ශ්‍රී ලංකාව ගැන තබා ඇති විශ්වාසය අඩු වී නොමැති බවද මෙහිදී තානාපතිවරයා කියා සිටියේය.

මෙරට ආර්ථික අර්බුදයන්ගෙන් මිදීම සඳහා 2020 සිට ශ්‍රී ලංකාවට චීනය ඩොලර බිලියන 2.8ක මූල්‍ය ආධාර ලබා දී තිබෙන බවත් තවදුරටත් ශ්‍රී ලංකාව තුළ යෝජනා සිදුකිරීමට චීනයේ පෞද්ගලික අංශය දිරිගන්වන බවත් එහිදී තානාපතිවරයා සඳහන් කරන ලදී.

ඒ අනුව ඔවුන්ගේ ප්‍රධාන ආයෝජන ඉලක්ක වී ඇත්තේ පෝට් සිටිය සහ හම්බන්තොට වරායයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...