එජාපයේ වෑයම මෙවරත් වරදී. ගේනවා කියපු කවුරුත් නෑ !

Date:

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියේ වේදිකාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙක් අනිවාර්යයෙන්ම ගේනවා කියලා පහුගිය දවස්වල එජාප ලොක්කෝ කීපදෙනෙක්ම පාරම්බාලා තිබුණා.

සමහරු ඔය ගාණ හයක්, හතක් කියලාත් කිව්වා.

කොහොම වුණත් ඔය වැඩේට අදාළව සාකච්ඡා කීපයකුත් සිද්ධ වෙලා නොතිබුණා නෙවෙයි. පහුගිය සතියේදී එජාප කොළඹ පැත්තේ “නායක” කෙනෙක්ගේ ගෙදරදීත් සාකච්ඡාවක් තිබුණා ලු. එතනට රටේ ලොක්කාත් ආවා කියලා ආරංචියි. එතනදී සජබ කීපදෙනෙක් එජාපයට එන්නම් කියලාමත් කිව්වා ලු. මැයි රැලියට එන එක ගැන පොසිටිව් සිග්නල් දුන්නත් හරියටම වචනයක් දුන්නෙත් නැහැ ලු. මැයි දිනේට කලින් ආපහු හම්බවෙමු කිව්වාට ඒක වුණෙත් නැහැ ලු.

කොහොමින් හරි අන්තිමේ ඊයේ (10) දවසේ එජාප මැයි රැලියට සජබෙන් කවුරුත්ම ගෙන්නා ගන්න බැරිවුණා.

සජබෙ අය ඔන්න ගේනවා, මෙන්න ගේනවා කියලා කයිවාරු ගහපු කීපදෙනෙකුට ලොකු තැනකගෙන් හොඳටම අහගන්න සිද්ධ වෙලා කියලාත් ආරංචියි අන්තිමේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂ අත්අඩංගුවට නොගන්නා බව CIDය දැනුම් දෙයි. FR පෙත්සම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ...

දේශපාලනය කියන්නෙම මනුස්සකම ….

නන්දන ගුණතිලක ගැන අවශ්‍ය තරම් සටහන් ලියවිලා තිබ්බ. ගිය...

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...