නලින්ගේ ඇමෙරිකානු සිහිනය ….

නලින් ද සිල්වා මහතා විදේශ රටක මියයෑමට කැමැත්තෙන් සිටීම සහ එම කැමැත්තට අනුවම ආගන්තුක දුරුරටක ඇත්තටම මියයාමට ලැබීමත් වාසනාවක්. ඉනුත් විශේෂයෙන් ඇමෙරිකාව කියන රටේ මියයාම සහ එම රටේම මිහිදන් වීමත් වාසනාවක්.

අපේ වගේ දුප්පත් ලෝක ගෝලයේ කේන්ද්‍රයෙන් ඈත රටක කෙනෙකුට එහෙම කැමැත්තක් තිබිල ඒ කැමැත්ත ඒ විදියටම යථාර්තයක් කරගන්න පුළුවන් වීම සැලකිය යුතු තරමේ දෙයක්.

‘ඇමෙරිකන් සිහිනය’ කියන්නේ මේ වගේ දෙයක් නොවුණට ඇමෙරිකන් චින්තකයෙක්ට අවශ්‍යනම් පරිවාරයේ රටක කෙනෙක්ට මෙවන් සිහිනයක් තිබීම කියන එකම එක්තරා ආකාරයක ”ඇමෙරිකන් සිහිනයක්” කියන්නත් පුළුවන්.

ඒ අනුව එතුමා පරාජිතයෙක් කියල කියන්න බැහැ. අවසන් මොහොතේ උණත් එයා එයාගේ සිහිනය වෙත ගිහිල්ල තියනවා (ඒක ඇමෙරිකන් සිහිනය කියන එකේ කොටසක්). සිංහල බෞද්ධ සිහිනය නම් සැබෑ වෙන්න නැතුව ඇති. හැබැයි එතුමා එහෙම එකක් වෙනුවෙන් අධිෂ්ඨාන කරගෙන හිටපු සිතිවිල්ල වෙනස්කර ගත්තේ නැහැ. ඒ නිසාත් එයා පරාජිතයෙක් නෙවෙයි.

කුරුසියේ වේදනාවෙන් හිටපු යේසුස් වහන්සේ දුකින් මුදවා ගන්න දෙවියන් (පියා) එන්නේ නැහැ කියල දැක්ක බලාගෙන හිටපු මිනිස්සු හිනාවෙන්න ගත්තලු. මොකද ඔවුන්ට තේරුම් ගියා මුල්ම වතාවට දෙවියන් කියන කෙනෙක් තමන් දිහා බලාගෙන නොසිටි බවට. මුදවාගන්න එතුමන් නොඑන නිසා තමන්ගේ හිසට සෙවණැල්ල තම අත විතරයි කියන එක.

නලින් පරාජිත බවේ වේදනාවෙන් මියගිහින් එහෙනම් ඔප්පුකලේ අපි කොතරම් බටහිරට වෛරකලත්, හෙලා දැක්කත්, බටහිර කියන්නේ බොරුවක් කියල කිව්වත් අවසානයේ අපිට මියයන්න උණත් හොඳම තැන ඇමෙරිකාව කියල….

එකෙක්වත් මාව බලන්නත් එන්න එපා, මාව සදහටම අමතක කරපල්ලා කියල ඔහු අපිව නිදහස් කරනවා. එකම දේ ඔහු දුන්න ගැඹුරු නිදහස අපිට ලෙහෙසියන් තේරෙන්නේ නැතිකම…

යේසුස් කුරුසියේ ඉඳන් වේදනාවෙන් මෙහෙම අහනවා…පියාණෙනි, ඔබ මා අතහැර දැමුවේ ඇයි?

දෙවියන් එතකොට මෙහෙම කියනවා…

මම ඔබ අත්හැර දැමුවා නොව, ඔබ මගේ බරෙන් නිදහස් කළා පමණි…

නිදහස කියන්නේ තේරුම්ගන්න අමාරු දෙයක්.

දැන්වත් නිදහස් වෙන්න !

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...