චන්ද්‍ර ගවේෂණයට චීනයෙන් ඓතිහාසික පියවරක්!

කොළඹ LNW:චන්ද්‍රයාගේ සැඟව ඇති දුරස්ථ කොටසේ සාම්පල ලබා ගැනීම සඳහා අද (03) චීනය Chang’e-6 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කළේය.

මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ මෙවැනි දියත් කිරීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Chang’e-6 අභ්‍යවකාශ යානය රැගත් Long March-5 රොකට්ටුව චීනයේ දකුණු ප්‍රදේශයේ පිහිටි දූපත් පළාතක් වන හයිනාන් වෙරළෙහි Wenchang අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධස්ථානයේ සිට පස්වරු 5:27 ට පමණ ගුවන් ගත කෙරිණ.

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයට අනුව (CNSA) ආසන්න වශයෙන් මිනිත්තු 37 කට පමණ පසු මෙම යානය රොකට්ටුවෙන් වෙන්ව සැලසුම් කළ කක්ෂයට සාර්ථකව ඇතුළු වී ඇත.

චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයේ සාම්පල එකතු කිරීම සහ ආපසු රැගෙන ඒම ‍ඓතිහාසික ජයග්‍රහණයකි.

මේ වනවිට අදාළ ප්‍රදේශය පිළිබඳ ඉතා අල්ප දත්ත ප්‍රමාණයක් පවතින බවත්, මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, ඉන් විද්‍යාඥයින්ට වඩා ඵලදායී නිගමන ලබා ගැනීමේ අවකාශය පවතින බවත් චීන ඉංජිනේරු ඇකඩමියේ විද්‍යාඥයෙකු සහ චීනයේ චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ ප්‍රධාන සැලසුම්කරුවෙකු වන Wu Weiren මහතා පැවසීය.

එමෙන්ම එය සඳෙහි දුරස්ථ ප්‍රදේශයේ පරිසරය සහ ද්‍රව්‍යමය සංයුතිය අවබෝධ කර ගැනීමට ද ඉවහල් වනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...