සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000 කට ගැටලුකාරී තත්වයක්

Date:

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවන් (පෞද්ගලික අයදුම්කරුවන්) 10,000 කට අධික පිරිසකට තමන් අයදුම් නොකළ විෂයයක් ද සහිත ප්‍රවේශ පත්‍ර ලැබීමෙන් ගැටලුකාරී තත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

කෙසේවෙතත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පැනනැගුණු එම ගැටලුව මේ වනවිට නිරාකරණය කර ඇති බවයි.

ඒ අනුව, මෙම ගැටලුව නිරාකරණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බවත් විභාග‍ෙන් පසුව කිසිවිටෙකත් අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටි බවට සලකුණු නොවන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 වනදා ආරම්භවීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...

දිනපු කෙනෙක් නැහැ-පැරදුන කෙනෙකුත් නැහැ

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW චැම්පියන් ලීග් ජාතික පාපන්දු...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 25) දිනයේදී උතුරු, උතුරු-මැද,...

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...