මීටර් 400 බහමාස් සහය දිවිමේ කණ්ඩායමට වූ අපරාධය තේරුම් ගනිමු

Date:

සටහන – නිශ්මං රණසිංහ
මැයි 04, කොළඹ (LNW): තව සුළු මොහොතකින් පාළකයන්ගේ අකාර්යක්ෂමතාවය සහ සැළසුම් රහිත වැඩ පිළිවෙල මඟින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන්ට සහභාගිවන්ට නොහැකි වූ බහමාස් ලෝක සහය දිවීමේ තරගාවලියේ අවසාන දින අවසාන තරග ආරම්භ වන්නේය.තරගාවලිය නිමා කරමින් පවත්වන්නට තිබෙන මීටර් 400 සහය තරගයට මේ වන විට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් අට සහභාගි වන අතර තව දුරටත් පරාජිත කණ්ඩායම් සහභාගි වෙන අවසන් තරග තුනකින්ද දක්ෂතා අනුව කණ්ඩායම් තෝරා ගැනීම මෙහිදී සිඳුවීමට නියමිතය.


මේ නව සම්ප්‍රදාය අනුව පළමු වටයේ තරග නිමාවේ දී කාලය අනුව ස්ථාන ලැබී ඇති අනු පිළිවෙල අපට දැක ගැනීමට හැකිය.

එහිදී මේ අනිත් ඡායාරූප සටහනේ
Olympic Qualifying Round 2 යටතේ පැවත්වෙන තරග සඳහා පළමු වටයේ ඡායාරූප සටහනට අනුව තරගයෙන් අවලංගු කරන ලද ඇමෙරිකා එක්සත් ජවපදයට මෙන්ම,තරගය නිමා කිරීමට අපොහොසත් වූ ඉන්දියාවට සහ ප්‍රංශයට ද නැවත තරග කරන්නට අවස්ථාව ලැබී ඇත.


මේ තත්ත්වය මත ශ්‍රී ලංකා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට ඔලිමිපික් තරගාවලියට මේ තරගාවලියෙන් ඇතුළත් වන කණ්ඩායම් 14 අතරට එන්නට කෙතරම් පැහැදිළි අවස්ථාවක් තිබුණේ ද යන්න සිතා ගන්නට අපහසු නැත.බලධාරීන් අහිමි කර ඇත්තේ එම අවස්ථාවය.වඩා වැදගත් මේ ඡායාරූප පෙළට
Olympic Qualifying Round 2 යටතේ සහභාගි වන කණ්ඩායම් අතර ඇමෙරිකාව,ඉන්දියාව සහ ප්‍රංශයට ද තව දුරටත් අවස්ථාව තිබෙන බව පැහැදිළි කරන ඡායාරූප සටහන් ද යෙදීම නිසා අපි එය ද මෙහි සටහන් කර තබන්නෙමු.

Olympic Qualifying Round 2 යටතේ තෙවන මූළික තරගය


දැන් ඔබට ක්‍රීඩා බලධාරීන් විසින් කරන ලද නොසළකා හැරීම නිසා ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙන ඔලිම්පික් අවස්ථාව පැහැදිළිය.එහෙත් රටට ලෝකයේ තිබෙන ඉහළම ක්‍රීඩා උළෙලට ක්‍රීඩා කණ්ඩායමක් සහභාගි කරවීමේ අවස්ථාව මඟ හැරීම සම්බන්ධයෙන් පරිපාලනයට කිසිවක් සිඳු නොවනු ඇත.එසේම මෙවැනි වරදක් සිඳුවීම නොදැන් හෝ අපරාධයක් සිඳුවීමක් ලෙස සළකා කිසිඳු නිලධාරියෙක් සමාවෙන්න කීම හෝ ඉල්ලා අස්වීමක් ද සිඳු නොවනු ඇත.ඒ මේ ලංකාව නිසාය.


ක්‍රීඩකයාගේ සීමාවන් සහ පහසුකම් පුළුල් කිරිම වෙනුවට නිලධාරියාගේ සීමාවන් දක්වා ක්‍රීඩකයා ගේ අවශ්‍යයතා සංකෝචනය විය යුතු වීම ශ්‍රී ලංකාවේ ක්‍රමයය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...