*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

සද්ධන්තයාගේ තරම ඔටුවන්ට සහ ඔටු හුරතලුන්ට පෙන්නයි

සටහන – නිශ්මං රණසිංහ
මැයි 05, කොළඹ (LNW): සළකුණ ඇතාය.අලියා ය කිව්වාට දළ ඇත්තේ ඇතුන්ගේය.මේ සද්දන්තයාගේ පිටේ නැඟ හෙණ්ඩුවද ගෙන ගිය උන් පසු කලෙක ඔටුවෙකුට හුරතල් වෙන්නට සද්ධන්තයා නිදි ගැන්වීය.ඔටුවා සද්ධන්ත විදිහට ඇවිද යන විට ඇති නිදි කර වූ පිරිස් පවන් සැලීය.අද ද එබදුමය.
එහෙත් සද්ධන්තයා සදාකාලිකව නිදි ගැන්විය නොහැකි බව ඔටුවා ද, ඌව හුරතල් කරන්නට පේවී සිටි අයට ද දැන ගන්නට සැළස්සූ ඇත් රජු,තමන් සතු ඇති සවිය පෙන්වමින් කසකස්තාන යෝධ ඇඟවල්වලට එරෙහිව පෑ වීශ්මිත පෙළහර නිමාවේ ලකණු පූවරුව 45 – 7 ක් ව තිබිණි.


ආසියාවේ පළමු කාණ්ඩයේ එක බවට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ රට රැඟෙන එන්නේ වසර ගණනක් ආසියානු මට්ටමට කොඩිය කණ්ඩායම නොව කොඩියවත් ගෙනෙන්නට ආසියානු සංගමයෙන් බාධා වැට කඩුලු දමා තිබුණ තත්ත්වයකය.ක්‍රිඩකයන්ට,විනිසුරුවන්ට මෙන්ම වෙනත් විෂයන් හී රගර් ක්‍රිඩාවට දායක වූ ලාංකේය සැමටම ප්‍රශ්නාර්ථයක් ඇති කළ ඒ කටුක ඉතිහාසය මත,තමන්ගේ සැපත,සතුට වෙනුවෙන් රටට වින කළෝද වූහ.එහෙත් කසකස්තානයේ දැවන්ත ශරීර කූඩුවල ජයග්‍රාහී උවමනාව වගේම,මුලින් සඳහන් කළ පිරිසගේ දුෂ්ටකමේ වින්දනයද ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයෝ උස්සා පොළවේ ගසා සුණු විසුණු කර දැමූහ.


සංකේතයෙන් ඇතෙකු සිටිය ද,කසකස්තාන කණ්ඩායමේ උස සහ බර ආදිය ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ගේ තත්ත්වය හා සසඳා බැලුවහොත් ශ්‍රී ලංකාවට ශරීර කුඩු සමඟ ගත් විට තිබුණේ සුළු පටු තරගයක් නොවේය.තමන් කසකස්තාන සිරුරුවලින් අඩක් වුව ද,කණ්ඩායමක් වශයෙන් අඛන්ඩව රිද්මය සහ සබඳතාවය සමාන්තරව පවත්වාගෙන යාමේ තාක්ෂණයෙන් පොහොසත් බව ජයග්‍රහණ කරා ගෙන යාමට තිබෙන ලොකුම ශක්තිය බව ඔවුන් දැන උන්නේය.අලියා කුඩා හෙණ්ඩුවෙන් මෙල්ල කරන්නාක් මෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තමන්ගේ සීමාවට අවේගයෙන් සහ ආවේශයෙන් එන කසකස්තාන ක්‍රීඩකයෝ පාලනය කළහ.එය මනරම් දසුනක් විය.තරිඳු චතුරංග,සචිත් පීරිස් වැන්නන් නිතර බර සාර සිරුරු බිම හෙළමින් පෙරමුණ ගත්හ.


වඩාත් මේ ජයග්‍රහණයේ ගමණේ තිබුණ අඛණ්ඩ රිද්මය සහ අවධානය සමඟ වූ සහසම්බන්ධය ගොඩ නැඟීම කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් මාටිනස් මෙන්ම නිලුෆර් ඒබ්‍රහීම් ද,දුෂාන් ලෙව්කේ ද අගය කළ යුතුය.සැබවින්ම ඒ අගය ඔවුන්ට මේ වැඩේ පහසු කරන්නට හැකි ආකාරයට ජාතික මට්ටමට ගැලපෙන සිරුරක් සහ මනසක් බවට කාලයාගේ ඇවෑමෙන් පත් කළ ක්‍රීඩකයන්ගේ මුල් පුහුණුකරුවන්ට ද හිමි විය යුතුය.


කණ්ඩායම් වගකීම කියන කාරණයේ දී එය තියුණු එහෙත් නිවුණු හැඩයකින් ක්‍රීඩා පිටිය තුළ ක්‍රියාත්මක කිරීමට තරින්ද රත්වත්ත ගන්නා උත්සාහය ප්‍රශංසනීය වේ.හේෂාන් ජන්සන්,තේනුක නාානයක්කාර,අදීශ විරතුංග මෙන්ම සුබයිර් දොරේ ද කැපී පෙණුන සමස්තය අතරින් විශේෂ කොට දැක්විය හැකිය.සමස්ත ලකුණු 45 – 7 යන්න බොහෝ විට 50 ඉක්මවා රැඳෙන්නට නියමිතව තිබූ ලකුණු පූවරුවකින් 45 දක්වා අඩු වූ එකක් විය.අවසාන මිනිත්තු කිහිපයේදී උත්සාහක දිණුම් කරා යා හැකි අවස්ථා දෙකක්ම හේෂාන් නෙත්මිණ විසින් පන්දුව ඩිනාල් ඒකනායකට ලබා දෙමින් මාර්ගය සකස් කර ද,අවාසනාවන්ත ලෙස තරගයේ හොඳින්ම ක්‍රිඩා කර සිටි ඩිනාල් අතින් එම අවස්ථාවන් ගිලිහී ගියේය.


තරගයේ පළමු අර්ධයේ දී ම වේගය සහ උපායශීලී බව මඟින් ශ්‍රී ලංකාව ලකුණු 31 – 0 ක පරතරයක් තබා ගත්තේය.ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු උක්සාහක දිණුම ලබා ගන්නට සමත් වන්නේ සුබෙයිර් දාබරේය.දෙවැන්න අදීශ වීරතුංග ගේ නමට එක් වන්නේය.තෙවැන්න තේනුක නානායක්කාරය.සිව්වැන්න සහ පස්වැන්න තරින්ද රත්වත්තගෙන් සහ ඩිනාල් ඒකනායකගෙන් ය.විවේකය වන විට මෙම අවස්ථාවන් තුනකදීම තරින්ද රත්වත්ත එම උත්සාහක දිණුම්වල ප්‍රවර්ථන ද සාර්ථක කර දෙන්නට සමත් වන්නේය.
විවේකයෙන් ඉනික්බිතිව කසකස්තානය පළමු භාගයට වඩා අක්‍රමණිකශීලී වෙන්නට උත්සාහ කළ අතර ආරක්ෂාව සඳහා දැඩි උවමනාවක් පෙන්වන බවක් ද දකින්නට තිබිණ. ශ්‍රී ලංකා කණ්ඩායම බුද්ධිමත්ව සිය ලකුණු පරතරයේ වාසිය අභිබවා යන්නට ප්‍රතිවාදීන්ට නොදෙමින් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නට ද උත්සාහ කළේය.ඒ අනුව දෙවන භාගයේ දී හේෂාන් ජන්සන් සහ සචිත් සිල්වා විසින් එක් කරන්නට යෙදුණ උත්සාහක දිණුම් දෙක නෙත්මිණ ගේ පාදයෙන් සාර්ථක ප්‍රවර්ථන විය.කසක්සතානය එක් වරක් පමණක් ශ්‍රී ලංකා සීමාවට පිවිස උත්සාහක දිණුමක් වාර්තා කරන්නට සමත් වූ අතර ඒ අවස්ථාවේදී ප්‍රවර්ථනයද නිවැරදිව ඉටු විය.


තරගාවලිය පුරාම වැඩි ඉඩක් ONE TRY ONE TREEවෙත ඉදිරිපත් කර තිබිණ.එය වැඩ බලන සභාපතිවරයාගේ උවමනාව වී තිබිණ.වසර ගණනාවක් ජාත්‍යන්තර වශයෙන් ආසියානු සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව සිර කර තැබුව ද,ඒ තත්ත්වයන් යටතේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ද ක්‍රීඩා කරමින් ලංකාවේ අභ්‍යන්තරයේ රගර් පවත්වාගෙන යන්නට අලුත් අනුග්‍රහයන් ද සොයා ගනිමින් ශ්‍රී ලංකාවේ රගර් නොනැවතී සිඳු වූ බවට ආඩම්බරයෙන් පෙන්වන්න තිබුණ සාක්ෂිය ඔහු සඟවා ගත්තේය.


එකම අවස්ථාවක ආසියානු ක්‍රීඩා උළෙල මොහොතේ ස්ථාවරකරණ කමිටුව ගෙනවිත් කරන ලද අලකලංචිය නිසා එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට නිසි පුහුණු අවස්ථාවල ගැට්‍යයක් ආවා හැරෙන්නට ලංකාවේ දේශිය තරග නොනැවතී ක්‍රියාත්මක විය.අලුතින් දක්ෂයන් හඳුනා ගන්නට ක්‍රම සහ තරගාවලි ඇති විය.ජාත්‍යන්තර වශයෙන් රට රටවල් සමඟ සබඳතා තර විය.මේවා වැඩ බලන සභාපතිද සම්බන්ධව මේ පොළවේ දියත් වූ ඒවාය.ඒ නිසා ශ්‍රී ලංකාවේ රගර් තහනම් කර පණ හංගන්න පුළුවන් එකක් නොවිණ.ඒවා ක්‍රියාත්මක විය.තමක්ද සම්බන්ධ ඒ ඉතිහාසය නලීන් ද සිල්වා හංගා ගෙන තමන්ගේ අනන්‍යතාවය පමණක් මතු කර ගත හැකි ගහ ඉස්සර කර ගනිමින් ලෝකයට ලංකාවේ රගර් වට්ටන්න බැරි වූ බව කීම පමා කරමින් මේ මොහොත වන විට ඔහු සුව විඳින ආසියානු සභාපතිගේ තුරුල්ලට හානි කරවන්න අකමැති විය.
පරිසරය ගැන සිතීම ගෝලීය වශයෙන් අවශ්‍යය වැදගත් දෙයක් යන්න අපිද දන්නෙමු.නමුත් රගර් ගැන කතා කරන්න එහි අභිමානය ගැන කතා කරන්න තිබෙන සමස්තය රගර් ක්‍රීඩා තරගාවලියක ගස් පැළ කර ගැනීම විකාරයක්ය.අන්තිමට රගර් තරගාවලියක් නිසා ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් පැමිණියා වෙනුවට රගර් වැඩ බලන සභාපති පැල වවන ව්‍යාපෘතියක් ඇතුළේ රගර් ක්‍රීඩා තරග කිහිපයක් පැවත්වීම තත්ත්වයට රගර් හී වටිනාකම කතා කිරීම මඟ හැර දැම්මේය.


කෙසේ වුව පිට්ටනියේ සිටි ලංකාවේ ක්‍රීඩකයින් 15 දෙනා,නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ රගර්වල අභිමානය සිය මනසින්,සිරුරින් දැඩි වෙහෙස දරා ගෙන උස් කර පෙන්වන්නට හැදූ පැලවලට ඉහළින් පෙනෙන පරිදි ලියලා වැඩෙන්නට මඟ සැකසුවේය.සෑම උත්සාහක දිණුමක් ලබා ගන්නා ක්‍රීඩකයාගේ නමින් පෞද්ගලික පැළ වෙන් කිරීමේ සංකල්පය කණ්ඩායම් ක්‍රීඩාවකට කෙසේ ගැලපේද යන්න ද පැලවලට යට වී පොඩි වී සිටීමෙන් වැඩ බලන සභාපතිවරයාට කල්පනාවට නොවැටෙන්නට ඇත.ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දැඩි වෘත්තිමයභාවයකින් කණ්ඩායම දිනවීම මුල් කරගෙන සටන් නොකොට පැලවලට නම් දිනා ගැනීමට සටන් කරන්නට වුණිනම් තත්ත්වය නරක අතට හැරෙන්නට නොව පරාජය වන්නට ද තිබිණ.දකුණු ආසියාතික මට්ටමේ තරගාවලියකදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙවැනි ගෝල වෙනුවෙන් ගෙවන්නට ගොස් නා ගත් ආකාරය ද අපට මතකය.
වැඩේට සම්බන්ධ වෙන හාමුදුරුවරුන්ට ක්‍රීඩා කළා කීව ද,ඔවුන්ට මෙහි අවධානය ඇත්තේ පැල වැවීම ව්‍යාප්ති කිරීමය.එහෙත් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රිඩා කර සංගමයේ මුල් පුටුවේ සභාපති ඉවත්වීම නිසා හෝ ඉඳ ගන්න ලැබුණ වාසනාවන්තයා, මේ හිමිවරුන්ට කණ්ඩායම් ක්‍රීඩාවකදී ජීවිතය පුරාවට උත්සාහක දිණුමක් ලබා නොගත්ත ද,කණ්ඩායමට ජයග්‍රහණය කරන්න අත හිත දෙන ක්‍රීඩකයෙක්ට සිඳුවන අසාධාරණය පෙන්නා දෙන්න තිබිණ.ඒ නිසා ඒ පැළ රටේ නම වෙනුවෙන් 1,2,3 ලෙස ආදී ලෙස නම් කරන්නට තිබිණ.ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෂ්කර්ස් යන නම යොදා ගෙන ටෂ්කර්ස් 1,2,3 ලෙස නම් කරගෙන යන්නට ද තිබිණ.


කෙසේ වුව ද ශ්‍රී ලංකාව ගැන අභිමානවත් කතාවක් ලෝකයට දැක ගන්නට අහගන්න මෙන්ම මාධ්‍යයට ලියන්නට ද කතා කරන්නට ද ඉඩ සැකසූ ශ්‍රී ලංකා රගර් ක්‍රීඩකයන්ගේ දස්කම්වලට අපි අපේ ප්‍රනාමය පුද කරන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan