සටහන – රෂිකා හෙන්නායක
මැයි 05, කොළඹ (LNW): මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද දන්වා ඇත.
ඒ අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ, කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි.