*
Friday, May 23, 2025
spot_img

Latest Posts

සුදුසුකම් ලැබීමේ වටයේ අවසාන තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

සටහන – නිශ්මං රණසිංහ

මැයි 06, කොළඹ (LNW): කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් එල්ල කරන ලද දැවන්ත අභියෝගය ස්වීය අත්දැකීම්වලින් පාලනය කර ගනිමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.කාණ්ඩ දෙකකට බෙදා පැවත්වූ තරගාවලියේ ඒ කාණ්ඩයෙන් අපරාජාතිව අවසාන පූර්ව තරගයට පිවිස් ශ්‍රී ලංකාවට තව දුරටත් අපරාජිත බව රැක් ගන්නට මේ ජයග්‍රහණය හේතු විය.එසේම බී කාණ්ඩයෙන් අපරාජිතව අවසාන පූර්ව තරගයට පිවිසි අයර්ලන්තය ඒ කාණ්ඩයේදී ශ්‍රී ලංකාවට පමණක් පරාජය වූ ස්කොට්ලන්තය හමුවේ පරාජය විණි.ඒ නිසා අවසාන තරගයේදී ශ්‍රී ලංකාවට නැවත තමන් අතින් මෙම තරගාවලියේදීම පරාජය වූ වූ ස්කොට්ලන්තය මුණ ගැසෙන්නට නියිමතව ඇත.

ශ්‍රී ලංකාව සහ එමීර් රාජ්‍යය කණ්ඩායම අතර තරගයේදී කාසියේ වාසිය දිනූ එමීර් රාජ්‍යය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඇරයුම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර් 20 නිමා කළේ කඩුලු 6 ට ලකුණු 149 ක් රැස් කරමින්ය. මෙම තරගාවලියේ මේ වන විට හොදම ලකුණු එකතුවේ දෙවන තැන සිටින්නී වන විශ්මි ගුණරත්න මෙම තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය වෙමින් පන්දු 44 න් ලකුණු 45 ක් ලැබුවාය.හර්ෂිතා සමරවික්‍රම ලකුණු 24 න් සහ චමරි අතපත්තු ලකුණු 21 න් දායක වූ ශ්‍රී ලංකා ඉණිම අවසාන භාගය වේගවත් කරමින් කවීශා දිල්හාරි පන්දු 10 න් ලකුණු 17 ක් ලබා දුන්නාය.නිලක්ෂි ද සිල්වා පන්දු 10 දී ලකුණු18 ක් එක් කළාය.

එමීර් කන්ඩායම වෙනුවෙන් කඩුල්ල පිටුපස සිට සුවිශාල මෙහෙයක් කළ තීර්තා සතිශ් ක්‍රීඩිකාවන් තිදෙනෙකුම ස්ටම්ප් කිරිම්වලට හසු කර ගැනීමට සමත් වූවාය.විශ්නාවී මහේෂ් ලකුණු 33 ට කඩුලු 2 ක් දවා ගත් අතර මේ තරගාවලිය පුරාම තුන් ඉරියව්වෙන් කැපි පෙණෙන,කණ්ඩායමෙන් හරි අඩකටත් වඩා ලෙස දකින නායිකා ඊෂා ඕෂා ලකුණු 27 ට කඩුලු 2 ක් දවා ගත්තාය.ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත කවීශා කෝට්ටගේ ලකුණු 28 ට එක් කඩුල්ලක් බිඳ දැම්මාය.

පිළිතුරු ඉණිමේ දී තීර්තා ලකුණු ලැබීමට පෙරම ඉවත් කරමින් ඉනෝෂි ප්‍රියදර්ශනී ශ්‍රී ලංකාව තරගයට කැඳවාගෙන ආවත් නායිකා ඊෂා දෙවන කඩුල්ලට කුෂී සර්මා (22) සමඟ එක්ව ලකුණු 66 සබඳතාවයක් ද,කවීශා එගොඩගේ (16) සමඟ එක්ව තෙවන කඩුල්ලට ලකණු 37 ක් ද එක් කරමින් පන්දු 44 න් ලැබූ ලකුණු 66 ක් සමඟ ශ්‍රී ලංකාව ජයග්‍රහණයෙන් ඉවතට තල්ලු කරන්නට සෑහෙන උත්සාහයක් ගත්තාය.හතරේ පහර 2 ක් සහ හයේ පහර 4 ක් අඩංගු වූ ඊෂාගේ අලංකාර සහ සටන්කාමී ඉණිම නිසා ඇය කණ්ඩායම පරාජය වුව ද,අවිවාදයෙන් තරගයේ වීරවරිය ලෙස ඇගයීමට ලක් වුණේය.

ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ඨ දස්කම් දැක් වූ තරගයේ වීරවරිය ඊෂා ඕෂා

පීඩනය දැඩිව දැනෙන මොහොතක වුව,ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊට සංයමයෙන් මුහුණ දෙමින්,එමීර් ක්‍රීඩිකාවන් ඉක්මවා සිය වෘත්තීමය ක්‍රිකට් අත්දැකීම් ප්‍රදර්ශනය කළෝය.ක්‍රමයෙන් ප්‍රහාරාත්මක වේගය පාලනය කරමින් ඉලක්කයට පන්දු යැවීම සහ හොඳින් පන්දු රැකීම තුළ ඊෂාගේ මානසික ඒකාග්‍රතාවය බිඳ දමන්නට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ උදේශිකා ප්‍රබෝධනී හරහා ඊෂාගේ ඉලක්කය වෙනස් කර පන්දුව කෙළින්ම කඩුල්ලේ රඳවන්නට කටයුතු කළෝය.16 වැනි පන්දු ඕවරයේ දී ලකුණු පූවරුව 108 ක් ව තිබියදී එමීර් කණ්ඩායමට සිඳු වූ එම හානියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය සියතට ගැනීමට සමත් වූහ.

සුගන්ධිකා කුමාරි සහ කවීශා දිල්හාරි ප්‍රහාරයට බලපෑම් ඇති කළ ප්‍රධාන පන්දු යවන්නියෝ වූහ.සුගන්ධිකා පන්දු ඕවර් 4 ලකුණු 21 ට නිමා කළේ කඩුල්ලක් ද දවා ගනිමින් ය.කවීශා පන්දු 3 ක් ලකුණු 16 ට සීමා කරමින් කඩුලු බිඳ නොදැම්මත් ඊෂා විසින් දියත් කළ තිබූ ප්‍රහාරය හේතුවෙන් ඉහළ යමින් තිබූ එමීර් ලකුණු වේගය පාලනය කළාය.චමරි අතපත්තු ලකුණු 28 ට කඩුලු 2 ක් බිඳ දැමීය.ඉනෝෂිට ලකුණු 29 ට ත්,උදේශිකාට ලකුණු 31 ට ත් එක් කඩුල්ල බැඟීන් හිමි විය.පන්දු රැකීම එක්සත් එමීර් රාජ්‍යය කණ්ඩායමට එරෙහිව ඉහළින් පවත්වාගෙන යන්නට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු තරග අත්දැකීම් මේ ජයග්‍රහණයට බෙහෙවින් හේතු විය.

පහත සබැඳියෙන් තරගයේ විශේෂ අවස්ථා ගැන පිවිසෙන්නට හැකිය.
https://www.youtube.com/watch?v=p5dudXu2iO4
තරගයේ ලකුණු විස්තරයට → https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-qualifier-2024-1425615/united-arab-emirates-women-vs-sri-lanka-women-2nd-semi-final-1425659/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan