යුක්රේනය ඉලක්ක කර ගත් රුසියානු මිසයිල බලය පදනම් වු කුරිරු හැඟීම්වල අවලස්සන සමඟ පුපුරා යන්නේය.එයින් සිඳුණු,බිඳුණු අත් පා අවයව නැති සිරුරු හදුනා ගැනීමටත් නොහැකි තරමෙන් සී සිකඩව ඇත.ඒ අතර දරුවො ද වෙති.වැඩිහිටියෝද වෙති.ගැහැණු මෙන්ම පිරිමින් ච ඇත.ඒ සියල්ලන් අවි දැරුවෝ නෙවෙති.රුසියානු බලකාමයේ අවශ්‍යයතාවය නිසා පොළවට පස්වන යුක්රේනියානුවෝය.
මෙතරම් දැඩි ප්‍රහාර මැදට රුසියානු මිසයිල ද මුසු කර විනාශයේ පළල වැඩි කිරීම බලකාමී පුටිංගේ අවශ්‍යයතාවය ය.1992 ට පෙර අද රුසියාවට හිමි ඓතිහාසික කීර්තිය සෝවියට් දේශයනම් වූ පුළුල් රාජ්‍යයට අත් කර දෙන්නට විවිධ කේෂ්ත්‍ර හරහා කැප වූවෝද,ඒ පරම්පරාවන්හී නියෝජනයන් ද රුසියානු වෙඩි බෙහෙත් හඳුනන්නේ නැත.කෘතවේදීත්වය නොහදුනන වෙඩි සැර යුක්රේන් පොළවේ පතිතව අකෘතඥභාවයේ රැස් විහිදුවමින් ඇත.
මේ සියල්ල මැද නොසැලෙන හිතෙන් යුක්රේනය රනින් නහවන්නට සිතා ජීවිතය පරදුවට තබා කිලෝ මීටර් 2000 ක දුරක් මෝටර් රථයක නැඟී සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවරට පැමිණී යුක්රේන රුවැත්තියක ගැන මේ මොහොතේ ලෝකයේම අවධානය යොමු වී ඇත.”යුක්රේනය අත අරින්න එපා” යාරොස්ලාවා මහුචික් නම් වූ ඇය රන් පදක්කමත් සමඟ ලෝකයට පවසන වචන ඇතැම් විට ජනාධිපති සෙලෙන්ස්කිට වඩා ප්‍රබලව ලෝකය භාර ගන්නේය.ඔහුගේ වචනවලටත් වඩා දේශපාලලනිකය.
යාරොස්ලාවා මහුචික් ගෙවුණු ටෝකියෝ ඔලිම්පික් උළෙලේ උස පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභිණිය වන්නීය.එවකට අවුරුදු 19 ක් වූ ඇය දක්වන දස්කම තාක්ෂණය අතින් ඉහළ ඉසව්වක් වන උස පැනීමේ ඉසව්වේ කාලයත් සමඟ මේරිමෙන් මතු ඇය රැඳෙන තැන ගැන ඉඟි සැපයිණි.දැන් ඇයට අවුරුදු 20 කි.බෙල්ග්‍රේඩ් නුවර දි ඇයට රන් පදක්කම ගැන විශ්වාසයක් තිබිණ.වයසෙන් තවමත් වැඩී නැති මහුචික් දැනට ජාත්‍යන්තර පිටියේ වැඩි දස්කම් දක්වා තිබෙන්නේ එළිමහන් පිටියට වඩා ගෘහස්ත පිටියේ වීම ද ඊට හේතුව වන්නට ඇත.ඇය එළිමහන් පිටියේ දක්වා ඇති ඉහළම දස්කම මීටර් 2.04 ක් වුව ද,ගෘහස්ත පිටියේ ඉහළම දස්කම වන්නේ මීටර් 2.06 ක් ය.
එහෙත් ඒ විශ්වාසයට බෙල්ග්‍රේඩ් දක්වා පියාසර කරන්නට තටු දෙන්නට නොහැකිය.අඩුම තරමේ පුහුණුවට ඉඩක් නැත.අහාර සහ වෙනත් අත්‍යවශ්‍යය පහසුකම් ළඟා වෙන්නේද අඩුවෙන්ය.රුසියානු ඉලක්කවල ආරම්භයේ සිටම මරණ බය සමීප වූ දනිප්රෝ යනු යුද්ධයේ බය,දුක,වේදනාව ඉක්මණින්ම ළඟා වූ තැනක් බැවින් ඇයගේ ජීවීතය ජීවත්වීමේ උවමනාව පළමුකොට ගෙන බංකරයකට සීමා විය.
එහෙත් සර්බියාවේ රන් ඉලක්කය බංකරයේ අඳුරෙන් නොමැකී ඇඟේ සිත්තුළ දිළිසෙමින් තිබිණ.එයට සමීප වීම සඳහා ඇය එඩිතර තීරණයකට එන්නේ ඉනික්බිතිවය.යුක්රේන අහසට නැඟීම හැම අතින්ම දුෂ්කරය.භයානකය.එහෙත් පොළව කියා වෙනසක් නැත.අහසින් පාත් වෙන, මිනිස් සමූහයක් ඇසිල්ලකින් මෘතදේහ බවට පත් කිරීමෙන් නොනැවතී ඉන් බහුතර පිරිසක් හඳුනා ගන්නට නොහැකි තරමට සුන්නද්දූලි කළ හැකි මට්ටමේ ප්‍රහාරයන්ය.එහෙත් ඇය කිලෝ මීටර් 2000 ක් වූ සර්බියාවේ බෙල්ගේඩ් නුවරට යාමට බිම තෝරා ගත්තාය.මෝටර් රථයකින් දින ගණනක් මඟ තතු විමසමින්,දුරකතනයට වඳ දෙමින් ඔව්හූ බෙල්ග්‍රේඩ් නුවරට ළඟා වූහ.
සිත ද කය ද තරග වැඳුමකට සූදානම් නැත.විශේෂයෙන් සිරුර ඒ සඳහා අත්‍යවශ්‍යය පුහුණුව බංකරය් තුළට දමා බොහෝ කාලයක් දුර්වර්ණ අඳුරේ සඟවා තබාගෙන සිටීමෙන් ඉනික්බිතිව තරග වඳින්නට උදාවෙන මොහොතකි.ඒ ලෝකයේ සුවිශේෂි උස පනින්නියන් සමඟය.නමුත් කයට බැරි දේ හිතට ඇති දිරියෙන් කළමනාකරණය කර ගත් ඇය මීටර් 2.02 ක් දක්වා උසට සිය පිම්ම විහිදන්නීය.එය වසරේ හොඳම ගෘහස්ථ උස පැනීමය.ඇය තරගයේ රන් පදක්කම දිනා ගත්තේ යුක්රේනයට ජයග්‍රහණ අවශ්‍යය මොහොතේමය.ජයග්‍රාහී ලෙස යුක්රේනුවන් ලෝකය ඇමතියම යුතු මොහොතේය.
ඇය හඩ අවදි කළාය.යුක්රේනය අත් අරින්න එපා ඇය කීවාය.ඇය සමඟ ඡායාරූපයකට පිවිස සිටි ඕස්ට්‍රේලියාවේ එලිනෝර් පැටර්සන් නව ඔස්ට්‍රේලියානු සහ තමා සතු පොදු රාජ්‍ය මණ්ඩලීය වාර්තාවද ඉක්මවමින් මීටර් 2.00 උසක් තරණය කළාය.එහෙත් ඇය වැඩියෙන්ම කතා කළේ යුක්රේනයේ මහුචික් ගැනය.
“ඇය කිලෝ මිටර් 2000 ක් මෝටර් රථයක පැමිණි මේ ගමන මට පුදුමයි.”
එලිනෝර් පවසන්නීය.ඇය ඒ දිරියට ගෞරව පුද කරන්නට නොපැකිළෙන්නීය.යුක්රේනයටම ැයගේ ආදරය යොමු වෙයි.ඇයට ඒ මොහොතේ කළ හැකි දේ කුමක්ද.සරල මහුචික් සහ යුක්රේනය ගැන ඇයගේ සංවේදීභාවය ලෝකයට ප්‍රකාශ කිරීමය.
“මම මහුචික් සහ යුක්රේනය වෙනුවෙන් නිල් සහ කහ හදවත්වලින් මගේ නිය අලංකරණය කර ගන්නවා.”
එලිනෝරා එසේ පවසන්නීය.ඇය භෞතිකව සිය නිය හෙට ලෝකයට දක්වනු ඇත.නමුත් මහුචික්ගේ පිම්ම මේ වන විට යුක්රේනය ගැන සානුකමිපිත හෑඟීමට ගෞරවය සහ ආදරය මුසු කරමින් ලෝකයේ හැම හදවතකම රුසියානු ප්‍රහාරයන්හි නරුමකම සිතුවම් කර අවසන්ය.ඒ නිය ආලේපනවලින් නොවේය.මානුෂීය සිතුවිලිවලින්ය.
සියවසේ මලල ක්‍රීඩිකාවක ලැබූ විශිෂ්ඨම ජයක් හැටියට මහුචික්ගේ ජය සදාකාලික වටිනාකමක් සහිතව ඉතිහාසයට එක් විය යුතුමය.ජම්ප් ජම්ප් යනුවෙන් පිටියක නැඟෙන දිරිමත් හඩ වෙනුවට ඇය සති ගණනක් ඇසුවේ කන් බිහිරි කරවන තරමේ වෙඩි හඬවල්ය.ඒවා දිරිය හඬක් කරගෙන ඇය ලෝකය ජය ගැනීම ගැන විශීෂ්ඨත්වය ගැන කියන්නට වචන සෙවීම දුෂ්කරය.එය ඒ තරමටම කියා නිම කළ නොහැකි අන්දමේ විශිෂ්ඨත්වයක්ය.
එසේම රන් සහ රිදී අතරින් කුමන තත්ත්වයක වුව වඩා වටින්නේ රන් ය.එහෙත් රන්මය නොවන රත්තරන්වල වැඩි රිදීමය පිම්මක්ද මේ තරගාවලිය තුළ යුක්රේන කාන්තාවක විසින් වාර්තා කළාය.ඇය මරියානා බෙක්- රොමැන්චක් ය.ඇය තුන් පිම්ම ඉසව්වේ රිදි පදක්කම දිනා ගත්තේ මහුචික් වැනිම දුෂ්කර ක්‍රියාවකින් ඉනික්බිතිවය.එය ද රන් ඉක්මවා මිනිස් දිරියට ගෞරවය සහ ආදරය ඇති කරන පිම්මක්ය.27 හැවිරිදි මරියානා ඉන් නොනැවතී මාර්තු 20 වන දා දිනූ රිදී පදක්කමෙන් පසුව යළිත් එදිනම හවස් වරුවේ දුර පැනීමේ ඉසව්වටද ඉදිරිපත් වූවාය.ඇය එහිදී කිසිඳු පදක්කමකට උරුමකම් නොපෑවද මීටර් 6.73 ක දක්ෂතාවයක් දක්වමින් එම තරගයේ හය වැන්නිය වූවාය.
ලෝක වාර්තාලාභිනි යුලිමර් රෝජාස් තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් තුන් පිම්ම ඉසව්වේ දෙවැන්ය ව මරියානා ගැන විශේෂයෙන් සඳහන් කළාය.මරීනාගේ සහභාගීත්වය ගැන සතුට ප්‍රකාශ කළ රෝජා,තේරුමක් නැති යුද්ධයක් යුක්රේනයේ පවතින බව පැවසුවාය.එවැනි තත්ත්වයක් මැද යුක්රේනය නියෝජනය කරමින් තරගාවලියට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනාටම ඇය ස්තූතිය පුද කළාය.
යුද්ධය අතරේ ජයගත හැකි බව පෙන්වමින් යුක්රේන කාන්තාවන් ශක්තිමත්ව මෙහි තරග කිරීම ගැන සතුටුවන බව කී රෝජා මරීනාට සුබ පැතුවාය.
යුරෝපීය ගෘහස්ථ උස පැනීමේ රිදී පදක්කම්ලාභී ඉරීනා ජෙරාස්චෙන්කෝ, 11 වරක් යුක්රේනියානු මීටර් 60 කඩුලු මතින් දිවීමේ ශූරිය වන ඇනා ප්ලොටිට්ස්යේනා, ඔලිම්පික් රිටි පැනීමේ ක්‍රීඩිකාව වන යානා හ්ලැඩිචක් සහ පංච ප්‍රයාමයේ නියුතු යුලියා ලොබාන් කණ්ඩායමේ සෙසු සාමාජිකයින් විය.මේ සියල්ලම මහත් දුෂ්කරතා මැද සහභාගීත්වය පෙන්වීමම ස්වර්ණමය මතකයක් වනු ඇත.ඔවුන් ලෝකයට යුක්රේනය ගැන කතා කරන්නට වේදිකාවක් තැනීමේ අභිලාෂයෙන් වෙඩි හඩ මැද ජීවිත අවදානම නොතකා රට නියෝජනය කළ විරුවන් සේ යුක්රේන ඉතිහාසයට එක්වෙනු නො’අනුමානය.
උස පැනීමේ රන් පදක්කම්ලීභි මහුචික් සමාජ මාධය ඔස්සේ පවසා තිබුණේ රුසියාව ඇති කර තිබෙන යුද්ධයේදී යුක්රේනයේ සියලුම මිනිසුන් ඔවුන්ගේ හමුදාවට උදව් කරන බවය.එමෙන්ම එකිනෙකාට තමන්ට කළ හැකි පරිදි උදව් කරගන්න බවත් කළ සියල්ල එකට විඳදරා ගන්නා බවත්ය.
ඇය රුසියානුවන්ට සිය සමාජ මාධ්‍ය ජාල පණිවිඩය හරහා පවසා ඇත්තේ “රුසියානු හමුදාව යුක්රේනයට පහර දෙන බවය. ඔවුන් නගරවලට බෝම්බ දමන බවය, සිවිල් වැසියන්ට වෙඩි තබන, මෙය යුක්රේන භූමියේ යථාර්තය බව පවසන මහුචික් රුසියානුවන් නිහඬව යුද්ධයට සහාය දෙන බවට චෝදනා නඟන්නීය.
“ අපට යුද්ධය අවශ්‍ය නැත, නමුත් අපි අපේ රට ආරක්ෂා කරන්නෙමු” මහුචික් අවසාන වරට සිය සමාජ මාධ්‍ය ජාල පණිවිඩයේ සඳහන් කර ඇත.
එසේම මරියානා ද දැඩිව යුක්රේනය සමඟ බැදී ඇති බව සහතික කරමින් සමාජ මාධ්‍යයට නිවේදනයක් තබා ඇත.”අපට අවශ්‍ය වන්නේ රුසියානු උදව් නොමැතිව සහ රුසියාව නොමැතිව නිදහස් රටක ජීවත් වීමටයි.එ වෙනුවෙන් යුක්රේනයට සහය දෙමු, නිදහස ගැන සිහින දකිමු. ස්වාධීන. නිර්භීත. ශක්තිමත්. යුක්රේනයේ සෑම දෙයක්ම! යුක්රේනය වනු ඇත. අපි ශක්තිමත් ස්වාධීන ජාතියක්. මම යුක්රේනයට ආදරෙයි.”
මේ නිදහස සහ ස්වාධීනත්වය ඉල්ලා මහුචික් කරන ඉල්ලීම් මෙන්ම මරියානා කරන ඉල්ලීම් ද ඔවුන්ට පනින්න හැකි උසටත් දුරටත් වඩා ලොව පුරා විහිදී සෑම සාමය අපේක්ෂා කරන හදවතක් මතම පතිත වනු සැක නැත.
යාරොස්ලාවා මහුචික්
රෝජාගේ සුබ පැතුම් ලබන
මරියානා