“මහබැංකුව පාඩුයි කියන්නේ අවබෝධයක් නැතිකම” – මහබැංකු අධිපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): ඊයේ පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා එහි නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවීමට නියමිත බව අනාවරණය වූ අතර, කථානායකවරයාට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (කෝප්) හෝ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවා පැහැදිලි කිරීමක් ලබා ගත හැකි බව එහිදී සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසූවේ, ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස 2023 වාර්ෂික වාර්තාව මගින් ප්‍රකාශයට පත්කර තිබීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා මතු කළ ගැටලුවකට පිළිතුරු දෙමිනි.

රජය සහ මහබැංකුව යනු වෙනම ආයතන 2ක් වන නමුත් දෙකම රාජ්‍ය ආයතන වන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසූ අතර, මහබැංකුව නීතිය යටතෙත් වෙන්කරන ලද වෙනම වගකීමක් ඇති නියාමන වගකීම්ද සහිත විශේෂිත රාජ්‍ය ආයතනයක් බව හෙතෙම අවධාරණය කළේය.

මේ අතර ශ්‍රී ලංකා මහබැංකුව පාඩු ලබන ආයතනයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් එහි අධිපතිවරයා පැවසුවේ “මහබැංකුව පාඩුයි කියන්නේ අවබෝධයක් නැතිකම” යනුවෙන් පවසමින්, මහබැංකුව ලාබද පාඩුද යන්න මනින්නේ කෙසේද යන්න පිළිබඳවද අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් පැහැදිළි කිරීමක්ද කළේය.

ශ්‍රී ලංකා මහබැංකුව අධික ලෙස අලාභ ලබමින් තිබියදී එහි සේවකයින්ට දැවැන්ත වැටුප් වැඩිවීමක් ලබාගත් එහි පාලක මණ්ඩලය වහා ඉල්ලා අස්විය යුතු බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසා තිබූ අතර, මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ 2023 වර්ෂය තුළ සිදුකළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් පිළිබඳ යාවත්කාලීන කෙරුණු විස්තර ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් වාර්තාව උපුටා දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...