ජූලි වලදී උමා විදුලි වාසිය ජනතාවට ලබා දෙනවා – කංචන

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මඟින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් වූ බැවින් එහි වාසිය එළඹෙන ජූලි මාසයේදි පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අදාළ ව්‍යාපෘතිය 2017 වසරේදී ජනතා අයිතියට පත් කිරිමට නොහැකිවීමෙන් වාර්ෂිකව කෝටි 900ක පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට සහ රටට සිදු බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර, උමා ඔය ව්‍යාපෘතිය හරහා ජාතික පද්ධතියට අලුතෙන් එකතු වූ විදුලි ඒකක ප්‍රමාණය නිසා මින් පෙර ඉන්ධන භාවිතයෙන් විදුලිය උත්පාදනය සඳහා වූ වියදම සිදු නොවන බැවින් එහි වාසිය ජනතාවට ලබාදිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම වාසිය එළඹෙන ජූලි මාසයේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...