(VIDEO):උතුරු කොරියාවටයි කියුබාවටයි ආවඩමින් සිටි සමාජවාදීන් කියනවා ක්‍රියාවෙන් විවාද බෑලු!

Date:

කොළඹ LNW:උතුරු කොරියාවටයි කියුබාවටයි ආවඩමින් සිටි එක් සමාජවාදියෙකුට මේ වන විට දියුණුවන ලෝකයේ රටවල් පිළිබඳවත් ඇස් ඇරී ඇති බවත් ඔහු ක්‍රියාවෙන් විවාද කළ නොහැකි බවට පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ලෝකයේ ප්‍රසිද්ධම විවාදය වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ විවාදය වන අතර මෙහි දී ප්‍රාථමික ඡන්දවල විවාද පවා සිදු කරන බවත් මේ වාද විවාද කරන්නේ තමන් පසුගිය වසර 4 තුළ අධ්‍යාපනයට, පරිසරයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට, ආර්ථිකයට සිදු කළ සේවාවන් ගැන බවත් මේවා නොදැන ලංකාවේ සමාජවාදීන් ක්‍රියාව ගැන විවාද කළ නොහැකි බව පවසන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

මෑතක් වන තුරු ලෙනින්, මාක්ස්, ස්ටාලින් ගිලගෙන සිටි මේ අය මේ වන විට සමාජවාදයෙන් ඉදිරියට යා නොහැකි හේතු කාරණා සොයන්න ලෝකය වටේ සවාරි යන ගමන් මාධ්‍ය හරහා ජනතාවට බොරු සපයන බව හෙතෙම කියාසිටියි.

විවාද සිදුවිය යුත්තේ තමන්ගේ ක්‍රියාකලාපය ගැන බවත් ලෝකයේ ක්‍රියාව ගැන අනන්තවත් විවාද සිදුවන විට අප රටේ කයිය නායකයෝ ක්‍රියාව ගැන විවාද කළ නොහැකි බව පැවසීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 179 වැනි අදියර යටතේ ගම්පහ දොම්පේ කෑරගල සංඝරාජ මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හිරේට ගියේ දවස් හතරකට.කුණු බඩු ඔක්කොම එකට එකතුවෙලා – වසන්ත මුදලිගේ

කොළඹ LNW: රනිල් වික්‍රමසිංහ දින 4කට රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ...

ශ්‍රී ලංකා බැඩිමින්ටන් පුහුණුකරුවන් පුහුණු කෙරේ

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණු සංවර්ධන...

බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු, කොළඹ...