සටහන – රෂිකා හෙන්නායක
මැයි 09, කොළඹ (LNW): අද (09) දින පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ බව සඳහන් වේ.
ජනාධිපතිවරයා මෙහිදී ප්‍රධාන කොට පැවසුවේ වැටුණු රට යළි ගොඩනැගීම වෙනුවෙන් විධිමත් ලෙස ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට මුල පිරූ බවත් එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ මැද භාගයේ සිට ආර්ථික වර්ධනයක ගමන ආරම්භ වී තිබෙන බවත් ය.
තවද මෙම වසරේ ආර්ථික වර්ධනය 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, විවිධ දේශීය සහ විදේශීය ,මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ වන විට රටේ උද්ධමනය 1.5% ක අගයකට පහළ වැටී ඇති අතර වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 0.6% ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙන බවත්, දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය .