ජල මූලාශ්‍ර කෙමෙන් අහිමි වන ගාසාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චන්ද්‍රිකා දත්ත අනාවරණය කරන ආකාරයට ගාසා තීරයේ ජල මූලාශ්‍රවලින් අඩක්ම හානිවීමකට හෝ විනාශ වීමකට ලක්ව ඇති බව බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි .

හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායල යුද්ධය ආරම්භ කළ දා සිට ගාසා තීරයේ ජල හා සනීපාරක්ෂක පහසුකම් සිය ගණනකට හානි වී හෝ විනාශ වී ඇති බව චන්ද්‍රිකා විශ්ලේෂණයකින් හෙළිව තිබෙන බවද සඳහන් වේ.

ප්‍රධාන සැපයුම් ගබඩාවලට සිදුවූ හානිය හේතුවෙන් අලුත්වැඩියා කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වේ.

පිරිසිදු ජලය නොමැතිකම හා අපද්‍රව්‍ය ගලා යාම සෞඛ්‍යයට බරපතල තර්ජනයක් බව සහන ආයතන පවසයි.

අපජල පවිත්‍රාගාර හයෙන් හතරක්ම විනාශ වී තිබෙන බවත් , ඉන්ධන හෝ සැපයුම් නොමැතිකම නිසා අනෙක් පවිත්‍රාගාර දෙකද වසා දැමීමටයි පියවර ගෙන ඇති බවත් , ඒ හරහා ගැටලු රාශියක් පැන නැගී ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...