සජිත්ගෙයි අනුරගෙයි කෙරුවාවන් බලාගන්න විවාදය දා රජයේ නිවාඩු දවසක් කළ යුතුයි – හරීන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW): මාධ්‍ය වෙත අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ සජිත් ගෙයි අනුරගේ විවාදයකට දෙදෙනාගේම උනන්දුවක් නැති බවත්, මේ දෙදෙනාගේ කෙරුවාවන් දැකබලා ගන්න ජනතාවට අවස්ථාව ලබාදීමට රජයේ නිවාඩු දිනයක් කළ යුතු බවයි.

ඔහු වැඩිදුරටත් මාධ්‍යයට කියා සිටියේ, මෙම අදහස ජනාධිපතිවරයාට ද ඉදිරිපත් කරන බවයි,

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් හරින් ප්‍රනාන්දු මහතා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමයි රටේ අනාගතය බාරගන්න ඉන්නේ.ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ තමයි රට වැටිලා තිබ්බේ වෙලාවේ ගොඩ ගත්තේ.රනිල් වික්‍රමසිංහ මහතා කියලා තියෙනවා එතුමා ඉදිරිපත් වන බව.පොහොට්ටුව ජනාධිපතිවරයාට සහය දෙන බව මැයි දිනය කිව්වා. ඕනෑම කෙනෙකුට සන්ධාන පිහිටවගන්න පුළුවන්.නමුත් බලය තියෙන්නේ ජනාධිපතිතුමා ළඟ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති අපේක්ෂකයෙක් නැහැ.සජිත් ගෙයි අනුර ගෙයි විවාදයට රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කළ යුතුයි.එවිට ජනතාවට මොවුන්ගේ කෙරුවාවන් දැක ගන්න පුළුවන්. ලෙස ඔහු කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...