අපූරු ග්‍රාම සේවක, මියගොස් ඇති තැනැත්තියක් ජීවත්වන බවට ලියවිල්ලකුත් හදයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW): කළුතර  තේක්කවත්ත ග්‍රාම නිළධාරී වසමේ මේ වනවිට රාජකාරි කරන ග්‍රාම නිළධාරී වරයෙකු විසින් මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත්  කිරීම සම්බන්ධයෙන් එම ග්‍රාම නිළධාරීවරයා  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වස්කඩුව, මිල්ලගහන්දිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක් බවත්, සැකකාර ග්‍රාම නිළධාරී වරයා 2021 වර්ෂයේ කළුතර ප්‍රාදේශයේ  වෙනත් ග්‍රාම නිළධාරී වසමක රාජකාරි ආවරණය  කරමින් සිටියදී මියගොස් ඇති  කාන්තාවකගේ නමට ඇය ජීවත්ව සිටී බව සදහන් කරමින් මුස්ලිම්  දේවස්ථානයක මව්ලවිවරයෙකු අමතා  ලිපියක් නිකුත්කර තිබෙන බව පැවසේ.

එසේ නිකුත් කල ලිපිය රැගෙන ගිය කාන්තාව එම ලිපිය ඉදිරිපත් කර වෙනත් පුද්ගලයකුට හිමිකම් ඇති කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ ඉඩමක කොටසක් වෙනුවෙන් ව්‍යාජ ඔප්පුවක් සකස්කර ගෙන ඇති බව පොලීසිය සදහන් කළ අතර, ලිපිය නිකුත් කල කාන්තාව තමා නොදන්නා බවත්, කුඩා දරුවන් දෙදෙනෙකු කැටුව පැමිණ ඉල්ලා සිටිමෙන් පසු ලිපිය නිකුත් කල බවත් ග්‍රාම නිළධාරී ගේ ප්‍රකාශ වලින් හෙලිව තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...