මැයි 22 යළි පාර්ලිමේන්තුව රැස්වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW): මැයි 22 වැනි බදාදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පසුගිය මැයි 14 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

මේ අනුව එදින පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර මැයි 14 දිනැතිව ගැසට්පත්‍රයේ පළ ‍කර ඇති ‘ආර්ථික පරිවර්තන’ සහ ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ’ නැමැති පනත් කෙටුම්පත් දෙක එදින පළමුවර කියවීම පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරුව පෙ.ව. 9.45 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණයවූ බව මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිචෙල් අවසාන තරගයේ තීරකවරිය වීමේ ගෞරවය දිනා ගනියි

රටක ක්‍රීඩාව දියුණුවට පත්වන්නේ ඒ හා සසැඳි සෑම කේෂ්ත්‍රයක්...

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...