කොකේන් කන්ටේනර් 04 ක් අල්ලයි – ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන්න ගෙන්නලා

Date:

කොළඹ වරාය වෙත පැමිණි කොකේන් කිලෝග්‍රෑම් 350 ක් සොයා ගැනීමට රේගු නිළධාරීන් සමත් වී තිබෙනවා. මෙම කොකේන් තොගය කන්ටේනර් 04 ක අසුරා තිබූ බවයි වාර්තා වන්නේ.

පැනමාවේ සිට බෙල්ජියම, සෞදි අරාබිය හරහා මෙම කොකේන් තොගය කොළඹ වරාය වෙත පැමිණ ඇති අතර ඒවා ඉන්දියාව වෙත ප්‍රතිනැව්ගත කිරීමට සූදානම්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බහාලුම් තුළ අබලි යකඩ අඩංගු බවට නැව් භාණ්ඩ ලේඛනවල සඳහන් කර තිබූ අතර ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශයේ නිළධාරීන් සිදුකළ පරීක්ෂාවකදී හෙලි වී තිබෙන්නේ අබලි යකඩ ගෙන්වන මුවාවෙන් කොකේන් මෙරටට ගෙන්වා ඇති බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 600 ක් බවට ගණන් බලා ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මූලික විමර්ශනවලින් පසුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාරදීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...