කළුතර වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට. දියණියට තුවාල !

සටහන – රුවන් නෙළුගොල්ල

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඔහුගේ හත් හැවිරිදි දියණිය තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කටුකුරුන්ද දුම්රියපොල පාරේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකි. ඔහු සිය නිවසෙහි දරුවන් තිදෙනා සමග රාත්‍රී ආහාරය ලබාගනිමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

මෙම වෙඩිතැබීම සඳහා ටී 56 ගිනිඅවියක් භාවිතා කර ඇති බවත් පොලීසිය පැවසීය.

දකුණු කළුතර පොලීසිය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...