*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

එක්සත් රාජධානියේ ‘contaminated blood’ සෝලියෙහි අවසාන අභිප්‍රාය: ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර කෙබඳු වේ ද?

සටහන – පුන්සරා ලියනගේ

මැයි 20, කොළඹ(LNW) :  එක්සත් රාජධානියේ කුප්‍රකට ‘contaminated blood’ සෝලිය, දශක ගනනාවක නිශ්ශබ්දතාවයෙන් පසුව, පිළිගත නොහැකි අවදානම් වලට ගොදුරු වූවන් නිරාවරණය කරමින්, දශක ගණනාවක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිට එය යට ගැසීමට උත්සාහ කර ඇති බවට වාර්තා වේ.

ජාතික සෞඛ්‍ය සේවය (NHS) රෝගීන්ට HIV සහ හෙපටයිටිස් වැළඳීමට ඉඩ දුන් බවට චෝදනා කරමින් වසර පහක් පුරා විමර්ශනය සිදු වූ අතර, දශක තුනක නිහැඬියාවකින් පසුව, දීර්ඝ කාලයක් පුරා බලා සිටි වාර්තාව තුළින් ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන සහ තත්ත්වයන් වසන් කිරීමේ බලධාරීන්ගේ උත්සාහයන් සනාථ විය.

1970 සිට 1991 දක්වා පුද්ගලයන් 30,000කට අධික සංඛ්‍යාවකට දූෂිත රුධිර නිෂ්පාදන සහ පාරවිලයනය මගින් විවිධාකාරයේ ආසාදන ආසාදනය වී ඇති අතර, 3,000ක් තහවුරු වූ මරණ අතර වේ.

ආසාදිත රුධිර පරීක්ෂණය පවා රෝගීන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීමට අපොහොසත් වීම විවේචනයට ලක් වූ අතර අනාරක්ෂිත රුධිර නිෂ්පාදන ආනයනය කිරීම සහ රුධිරයේ තාප පිරියම් කිරීම ප්‍රමාද කිරීම ඇතුළු අවදානම් එහිදී ඉස්මතු විය.

මීට ප්‍රතිචාර වශයෙන් බ්‍රිතාන්‍ය රජය අවසානයේ වන්දි ගෙවීමේ අවශ්‍යතාවය පිළිගෙන ඇති අතර, දැනටමත් අතුරු ගෙවීම් සිදු කර ඇති බවට සඳහන් වේ. අගමැති රිෂී සුනක් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිනු ඇතැයි අසාධාරණයට ලක් වූවන් බලාපොරොත්තුවෙන් සිටී.

නමුත් ඔබ බලනවා ඇති වෙන රටකට වුන එකක් ඇයි අපේ රටට ඈඳා ගන්න මෙච්චර දඟලන්නේ කියලා! උදෑසන කාලගුණ වාර්තාවෙන් පටන් ගෙන එකී මෙකී නොකී කතා බතා දැනගෙන පිට්ටු ගෙඩි වාගේ ඉන්නේ නැතුව සමාජය සහ සමාජයට එන්නට නියමිත අභියෝග ගැනත් දැන ගැනීමට පාඨකයාට අයිතියක් ඇත. නැතහොත් සමස්තයක් ලෙස අප නොදැනුවත්වම ජීවත් වීමට පවා භයානක වඩාත් නරක ක්ෂේත්‍රයකට දොරක් හෙළිදරව් වීමට ඉඩ දී බලා සිටිය යුතුද?

මවගෙන් දරුවාට HIV ආසාදන වැනි සමාජ රෝගයන් සම්ප්‍රේෂණය කිරීම තුරන් කිරීම, වෛරස් සම්ප්‍රේෂණය සියයට එකකට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීම, සාර්ථක රුධිර පාරවිලයනය පිළිබඳ වාර්තාවක් තිබීම සහ මෑතදී කොවිඩ් පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නොම්බර එකේ රටකි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය මට්ටමෙන් ඔබ්බට ගිය විට, ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක් වූ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිළිතුරු නොමැති ප්‍රශ්න ගණනාවක් ද නැතුවම නොවේ.

ලෝකයේ සෑම අස්සක මුල්ලකම යම් යම් නොවිය යුතු සිදුවීම් නිරන්තරයෙන් සිදු වන අතර, රාජ්‍ය අනුග්‍රහය ලබමින් සිදුවන අපකීර්තියන් වසන් කිරීමට සහ සමහර විට ඔවුන්ගේ වැරදි නොපිළිගැනීමට පාලන තන්ත්‍රයන් ක්‍රියාත්මක වෙමින් පවතී. 

ඊට මෑතකාලීන හොඳම නිදසුන එක්සත් රාජධානිය විසින් සපයයි.

කාලය පුරාවට ශ්‍රී ලංකාව ඕනෑවටත් වඩා ලේ වැගිරීම්වලට මුහුණ දුන් අතර, එක් එක් අවස්ථාවන්හි ඉහළ යන මරණ සංඛ්‍යාව විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභා, කමිටු සහ අනු කමිටු පත් කරන ලදී. ඒත් ඒවාගෙන් උන සෙතක්නම් නැති තරම් ය.

71′ කැරැල්ල, 83′ කළු ජූලිය, 88-89′ භීෂණය, යුද අපරාධ චෝදනා, මාධ්‍යවේදීන් ඝාතනය සහ මෑතකාලීන පාස්කු ඉරු දින ජන සංහාරය සමඟින්, සමාජ මාධ්‍ය තුළ සහ ඉන් පිටත දිගු ලැයිස්තුවකි.

ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික අර්බුදයක දුක්ඛිත තත්වයක සිටින අතර අලුත් වෙනසක් සඳහා මැතිවරණ උණුසුමක් අපේක්ෂා කරයි. මේ හැමදේම ඒකෙන් හොඳ වෙනවා කියන පැලැස්තරය අපේ මිනිස්සුන්ගේ ඔලු වලට ඔබ්බවා ඇති දැක්මකි. ඉහත කී දේ කෙසේ වෙතත් අනාගත පරපුරට භුක්ති විඳීමට මේ රට ගොඩනඟන බවට සෑම දේශපාලන චරිතයක්ම ඔබ ඉදිරියේ ප්‍රතිඥා දෙනු ඇත. ඔව් ඉතින්! අපේ මිනිස්සුන්ට කන්න නැතත් බලාපොරොත්තුවක් හරි ඇති නේ ජීවත් වෙන්න.

රාජ්‍ය ආරක්‍ෂක අංශ සහ රාජ්‍ය අනුග්‍රහය ලබන අර්ධ හමුදා කණ්ඩායම් විසින් සිදු කරන ලදැයි සැලකෙන බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පසුගියදා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණි. ශ්‍රී ලංකාව සිය සුපුරුදු තාලයට අනුව එම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, එවැනි කොන්දේසිවලට ඉතා අඩු නම්‍යශීලී බවක් පෙන්වමින්, යුද ජයග්‍රහණයේ 15 වැනි සැමරුම මතින් සුදු හුනු ගෑමක් සිදු කළ අතර හැමදාම කට්ටි පැන පැන මේ දේවල් වලට මුහුණ දීමට මැලි වීම මේ පැනය තව තවත් දිග් ගස්සවයි.

මාගේ ඇසට පෙනෙන මට්ටමට අනුව, මා විශ්වාස කරන්නේ අප අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය මෙය බවයි. මහජන මතය දැරීම සඳහා අපටම ජනතා ව්‍යාපාරයක් නොමැත. ඔක්කොම ඇත්තේ ‘ජනතාව වෙනුවෙන් අපි’ කියා ගත් රජයේම ගෝල බාලයන්ගේ සංවිධාන පොකුරකි. හරියට නඩුත් උන්ගේ බඩුත් උන්ගේ වගේ. ගම්‍ය වන දෙය නම් රජයන්හි නාටකයන්ට අප සීමා විය යුතුද?යන්නයි. මේ අපි අපි වෙනුවෙන් නැගිටින්න ඕනි කාලයයි.

” ඔවුන් ඔවුන්ගේ අයිතිය අතට ගනිමින් අවසාන මොහොත දක්වාම සටන් කළහ” එක්සත් රාජධානියේ ‘contaminated blood’  සෝලිය තුළින් උගත යුතු පාඩම මෙයයි. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan