පීබීගේ ඉල්ලා අස්වීම ජනපති බාරගෙන ! ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්?

Date:

සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බාරගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ නමුත් මේ දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය මේ බව තහවුරු කර නොමැත.

ජනාධිපති ලේකම් තනතුරින් ඉල්ලා අස්වීම සඳහා පී.බී. ජයසුන්දර මහතා තීරණය කර ඇති බව පසුගිය දිනවලදී වාර්තා විය.

මේ අතර පීබීගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන තනතුර සඳහා ගාමිණී සෙනරත්න මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඔහු මේ වනවිට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කළ සෙනරත් මහතා රාජපක්ෂ පවුලේ අතිශය සමීපමයෙකි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...