පැරිස් ඔලිමිපික් සිහිනය සොයා ගිය ප්‍රසන්න සහ මිහිරාන් හෙට සිට බැංකොක් හී දී සටනට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 23, කොළඹ (LNW):

කිලෝ ග්‍රෑම් 51 බර පංතියෙන් තරග වඳින උදයංග මිහිරාන් සහ කිලෝ ග්‍රෑම් 57 බර පංතියෙන් තරග වදින රුක්මාල් ප්‍රසන්න මැයි 24 වන දා සිට ජූනි 2 දක්වා තායිලන්තයේ පැවත්වෙන Boxing Road to Paris දෙවන ලෝක සුදුසුකම් තරඟාවලිය 2024 සඳහා සහභාගිවීමට නියමිතයි.බැංකොක් ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවත්වෙන මෙම තරගාවලියේ දී ඔලිම්පික් තරගාවලිය නියෝජනය සඳහා ඉතිරිව තිබෙන ස්ථාන 51 සඳහා (කාන්තාවන් සඳහා 23 ක් සහ පිරිමින් සඳහා 28 ක්) බොක්සිං බර කාණ්ඩ 13 ක් යටතේ (කාන්තා බර කාණ්ඩ සඳහා 6 ක් සහ පිරිමි බර කාණ්ඩ 7 ක්) යටතේ සුදුසුකම් පරික්ෂා කිරිම මෙම තරගාවලිය යටතේ සිඳු කිරීමට නියමිතය.


සමස්ථ තරඟ 248 ක් මෙම තරගාවලියට අයත් වෙයි. විවිධ බර කාණ්ඩ 13ක් හරහා කාන්තා තරගකාරියන් 124ක් සහ පිරිමි තරගකරුවන් 124 සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කරයි.පුහුණුකරුවන් ලෙස මෙම තරගාවලියට හර්ෂ කුමාර සහ ධනුෂ කුමාර එක් වී සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...