ආර්ථික පරිවර්තන පනතට එරෙහිව NPP අධිකරණයට!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.

වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය පිළිබඳ බරපතල පනතක් ඉතාමත්ම හෑල්ලුවකින් ඉදිරිපත් කර ඇති අතර එම පනතින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමට යෝජනා කර ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

මෙවැනි වෙනසක් සහිත පනතක් වාණිජ මණ්ඩලය හෝ කර්මාන්තකරුවන්ගේ සංගම් හෝ පෞද්ගලික අංශයේ කිසිවෙකුගෙන් ලැබී නොමැති අවස්ථාවක මෙවැනි පනතක් ඉදිරිපත් කිරීමේ අරමුණ ආණ්ඩුව පැහැදිලි කළ යුතු වන බවයි ජාතික ජන බලවේගය තවදුරටත් අවධාරණය කරන්නේ.

මේ අතර රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ද පසුගිය 22දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

කෙසේවෙතත් ආර්ථික අර්බුදයකට ගොස් තිබෙන තත්ත්වයක එය ගොඩගැනීම වෙනුවෙ ජාත්‍යන්තර සහය තවදුරටත් නම් මෙවැනි පනත් හරහා විශ්වාසයක් ඇති කළ යුතුව තිබෙන බවත් ඒවාට එරෙහිව කටයුතු කර පනත් සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් රට යළි කඩා වැටෙන අතර එවැනි පසුබිමක එන ඕනෑම ආණ්ඩුවකට සති දෙකකට වඩා ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි බවයි ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා තිබුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...