පැපුවානිව්ගිනියාවේ නායේ යෑමෙන් 300කට වැඩි දෙනෙක් මරණයට! නිවාස 1182ක් සම්පූර්ණයෙන් විනාශයි!

Date:

කොළඹ LNW:පැපුවානිව්ගිනියාවේ එන්ගා පළාතේ සිදුවූ දැවැන්ත නායේ යෑමෙන් පුද්ගලයින් 300කට වැඩි පිරිසක් මිය ගොස් ති බවට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

නිවාස 1182ක් එම අනතුරට මුහුණ දී තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි බවටයි එරට බලධාරීන් පවසා ඇත්තේ.

එමෙන්ම සුන් බුන් අතර සිරවී සිටින අය ගැන තවමත් පැහැදිලි අදහසක් නැති බවද සඳහන්.

පසුගිය (23) එරට වේලාවෙන් පස්වරු 03.00ට පමණ මෙය සිදුව තිබෙන අතර නිවාස සිය ගණනක් සම්පූර්ණයෙන්ම යට වී ඇති බවට වාර්තා විණි.

වෛද්‍යවරුන් සහ හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත් සහන කණ්ඩායමක් අනතුර සිදුව ඇති ස්ථානයට ගොස් සිටින නමුත් එම සහන කටයුතු ඉතා දුෂ්කර තත්ත්වයක පසුවෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...