පරාජය පෙනී පෙනී සුනක් මැතිවරණයට දින නියම කළාද?

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් බදාදා (22) එක්සත් රාජධානියේ මහා මැතිවරණයක් ජූලි 4 වෙනිදා පවත්වන බව නිවේදනය කිරීමත් සමඟ බොහෝ විචාරකයන් සඳහන් කර තිබුණේ සුනක් පරාජය වීමට නියමිත මැතිවරණයක් කැඳවූ බවයි.

මාස ගනනාවක් තිස්සේ මහජන මත විමසීම් මගින් සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය විපක්ෂයේ කම්කරු පක්ෂයට වඩා පිටුපසින් සිටින බව අනාවරණය වූ අතර, බ්‍රිතාන්‍යයේ ජ්‍යෙෂ්ඨතම නඩු පවරන්නෙකු ලෙස සේවය කළ හිටපු, ගෞරවනීය මානව හිමිකම් නීතිඥයෙකුවන කම්කරු නායක කෙයර් ස්ටාර්මර් බලය දිනා ගැනීමට පමණක් නොව දැවැන්ත පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමට ද සූදානම්ව සිටින බවයි වාර්තා වන්නේ,

සුනක්ට යන්තම් සහනයක් ඇත්තේ උද්දමනය අඩු වෙමින් පැවතීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) එක්සත් රාජධානියේ වර්ධන පුරෝකථනය යාවත්කාලීන කිරීම සහ උද්ධමනය අවසානයේ සාමාන්‍ය මට්ටමට සමාන දෙයකට නැවත පැමිණීමත් සමඟ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව පෙනේ.

කෙසේ නමුත් මහජන කැමත්ත සලකා බැලීමේදී ටොරිවරු පල්ලම් බසින් සිටින අතර වසර 13ක ලේබර් පාලනයෙන් පසු 2010 දී ඩේවිඩ් කැමරන් මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනා ගැනීමට අසමත් විය. අනතුරව 2016 බ්‍රෙක්සිට් ජනමත විචාරණය පැවැත්වීමෙන් ඔහුගේ පක්ෂය දෙකට බෙදී යන ලදී.

2019 දී බොරිස් ජොන්සන් පත් වූ අතර ජොන්සන් අපකීර්තියට පත් වූ අතර ඔහුගේම බහුතරය ඔහුට විරුද්ධ විය, අවසානයේ 2022 වසරේ ඔහුට ඉල්ලා ඇස වීමට සිදුවිය.

අනතුරුව ලිස් ටස් දින 45කට රජය භාරගත් අතර ප්‍රමාණවත් ආර්ථික විනාශයක් ඇති කිරීමට ඇය සමත් විය. පවුම ඩොලරයට සාපේක්ෂව මෙතෙක් පහළම මට්ටමට ඇද වැටුණි, පොලී අනුපාත ඉහළ ගොස් උද්ධමනය ඉහළ ගියේය. අවසානයේදී, කොන්සර්වේටිව් පක්ෂය අවුල් සහගත තත්ත්වයන් ඇති කර ගත් අතර ආරක්ෂිත අත් යුගලයක් ලෙස සුනක් භාර ගත්තේය.

අගමැතිවරයා බලයට පත් වූයේ ප්‍රධාන අභියෝග මාලාවකට රට මුහුණ දෙමින් පැවති සංකීර්ණ අවස්ථාවකය.

උද්ධමනය ඉහල යාම , සංක්‍රමණය, ඔහුගේ ප්‍රමුඛතම ප්‍රතිපත්තීන් අතර විය. ඊට අමතරව ඔහුගේ ලොව ප්‍රමුඛතම දුම්පානය තහනම සුනක් අපහසුතාවයට පත් කළ තවත් ප්‍රතිපත්තියක් වන අතර ඔහුගේම මන්ත්‍රීවරුන් පවා එය අනුමත නොකරලන ලස අතර මේවන විට එය මැතිවරණය හේතුවෙන් අත්හිටුවා ඇත.

මේ වන විට සුනක් වටා ඇති වඩාත්ම හානිකර ප්‍රශ්නය නම් ඔහු තරමක් පරාජිතයෙකු බවත් ඔහුගේම පක්ෂය ඔහු කෙරෙහි එතරම් විශ්වාසයක් නොමැති තත්වයකට පත්ව තිබීමයි.

යමක් නොවැළැක්විය හැකිය යන හැඟීම දේශපාලනයේ බලවත් වන අතර සුනක්ට පරාජය නොවැළැක්විය හැකි බව පෙනේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...