(VIDEO):අතන මෙතන රිංගල හරියන්නේ නෑ.රට නැති වෙන්නයි යන්නේ.වාද භේද පැත්තකට දාලා අපි එකතුවෙමු – දිලිත්

Date:

කොළඹ LNW:අපට රට අහිමි වෙන්නට යන මේ තීරණාත්මක මොහොතේ සියලු වාද භේදවලින් තොරව එකතු විය යුතු වන බව මව්බිම ජනතා පක්ෂයේ ණානායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අවධාරණය කරයි.

සුවහසක් දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින්ගෙන් තමන් එය ආයාචනාතමක්ව ඉල්ලා සිටින බවයි ජයවීර මහතා සඳහන් කරන්නේ.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) සර්වජන බලය සන්ධානය ස්ථාපිත කළ අවස්ථාවේ එම සභාව අමතමිනි.

පටු අරමුණු පසෙලකා ජාතිකත්ව දේශපාලනය වෙනුවෙන් පෙළගැසිය යුතු බවයි ඔහු පවසන්නේ.

ගමේ ජනතාව සමඟ සිටි දේශපාලඥයා මේ වන විට කොළඹදී දැක ගත නොහැකි අතර ඉතා පටු අරමුණු වෙනුවෙන් ජාතිය පාවාදෙන පනත් වලට අත උස්සමින් සිටින බව ජයවීර මහතා කියාසිටියි.

මේ වන විට හැට නව ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටී ඇති අතර ඉතාම ලැජ්ජා සහගත තත්ත්වයකට පත්ව සිටින බවයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...