එදා මම රට බංකොලොත් කියලා කිව්ව නිසා තමයි 376 ට ගිය ඩොලරය අද 300 ට ගේන්න පුළුවන් වුණේ – අලි සබ්‍රි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2022 අප්‍රේල් 12 වෙනිදා ශ්‍රී ලංකාව බංකොලොත් බවට තමන් ප්‍රකාශ කළේ ඒ මොහොතට අදාළව හොඳම තීරණය එය නිසා බව එවකට මුදල් අමාත්‍ය, වත්මන් විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

“බංකොලොත් වීමේ ප්‍රකාශය කළේ නැත්නම් – මං මීට ඉස්සෙලත් මේක කිව්වා – අපට තිබුණෙ ඇමරිකානු ඩොලර් මිලියන 20 යි. මේක අප්‍රේල් මාසෙ 12 වෙනිදා මම ප්‍රකාශයට පත් කළේ. චීන බැංකුවකට 16 වෙනිදා ගෙවන්න තිබුණා – ඔබතුමා දන්නවා 13, 14, 15 කියන්නෙ ශ්‍රී ලංකාවේ සිංහල අවුරුද්ද, ඒ කියන්නෙ නිවාඩුයි, එතකොට සල්ලි එන්න විදියක් නෑ – එතකොට නිවාඩුවෙන් පස්සෙ පළවෙනි දවසෙ ගෙවන්න ඕනෙ ඇමරිකානු ඩොලර් මිලියන 178ක් චයිනීස් බැංකුවකට. තව ඇමරිකානු ඩොලර් මිලියන 78ක් ඔය බැඳුම්කර හිමියන්ට. තව මාසෙකින් තව ගෙවන්න තිබුණා ඇමරිකානු ඩොලර් මිලියන 235ක්. මට මතක විදියට කියන්නෙ මම ඒ කාලෙ කරපු. ඉතින් අනිවාර්යයෙන්ම මේක පැහැර හරිනවා. එතකොට 12 වෙනිදා අපි ප්‍රකාශ නොකළා නම් වෙන්නෙ අන් අනවුන්ස්ඩ් ඩිෆෝල්ට්. ඒකෙ වෙනස මේකයි, ඒ කියන්නෙ අපි මොකුත් කියන්නෙ නැතිව නොගෙවා ඉන්නවා. කිසිම වගකීමක් නෑ. කියලා කළොත් ඒකෙන් අදහස් වෙන්නෙ අපට ගෙවන්න ඕනෙකම තියෙනවා, හැබැයි හැකියාව නෑ, අපි මේක ප්‍රතිසංවිධානය කරගෙන ගෙවනවා. ඒක තමයි වගකීමක් ඇති රටවල් කරන්නෙ. හැබැයි ඒ දවස වෙනකල් ඉඳලා මොකුත් නොකර ගෙවන්නෙත් නැතිකොට, පුළුවන්ද රටකට එහෙම කරන්න ? ඒ හින්දා ඒ කාලෙ ගත්ත හොඳම තීරණය තමයි ඔය තීරණය. ඒ හින්දා තමයි 376 ට ගිය ඩොලර් එක – පාර්ලිමේන්තුවේ මිනිස්සු කිව්වෙ 800 ට යයි කියලානෙ, මතකද ? සමහරු කිව්වා අටසීයට යයි දාහකට යයි කියලා – අපි ආපස්සට පටවාගෙන 300 ට බස්සලා තියෙන්නෙ. ඒක වුණේ එදා ඒ පාලනය කරගෙන, ණය කළමනාකරණය කරගෙන, අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හරියට ගියොත් ඇමරිකානු ඩොලර් බිලියන 17ක් අපට ඉතුරු වෙනවා. ඒක හින්දා තමයි මේ ස්ථාවරත්වය ඇවිල්ලා තියෙන්නෙ”

මොහොමඩ් අලි සබ්‍රි මහතා මේ බව පැවසුවේ “හිරු” රූපවාහිනී නාලිකාවේ දේශපාලන සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...