රංගේගේ කතාව අශීලාචාරයි, කුජීතයි. ඇයි දැන් රනිල් පරාජය පිළිඅරන්ද ? – මනෝ සැරටම අමතයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මැතිවරණ පැවැත්වීම කල්දමා ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළයුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කළ ප්‍රකාශය අශීලාචාර කතාවක් බවත් එවැනි ප්‍රයත්නයකට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා අවධාරණය කරයි.

ඒ අනුව, දැන් කළයුතු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි පැවැත්විය යුතු මැතිවරණ පවත්වා ජනතා මතයට ඉඩදීම බවයි මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේ.

“මගේ හිතමිත්‍ර රංගේ බණ්ඩාර – හිටපු පුත්තලමේ මන්ත්‍රී – එතුමා දැන් කතාවක් කියලා තියෙනවා අවුරුදු දෙකකට කිසිම ඡන්දයක් නැතුව ඡන්දය කල්දාලා රට රනිල් වික්‍රමසිංහ මහත්තයාට බාරදෙන්න ඕනෙ කියලා. එහෙම බාරදෙන්න පුළුවන්ද කියලා පස්සෙ බලමුකෝ … දැන් බලන්න ඒකට නීතියෙන් ඉඩක් නෑනෙ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕනෙ. තුනෙන් දෙක ලබාදෙන්න කියලා සමගි ජන බලවේගයටත් ජාතික ජන බලවේගයටත් එතුමා ඉල්ලීමක් කරලා තියෙනවා. කරන්න බෑනෙ ඒක. පසුව ජනමත විචාරණයකට යන්න ඕනෙ. මේ අතරේ අපි උසාවියට යනවා. ගියා නම් උසාවිය ඒකට ඉඩදෙන්නෙ නෑ. අශීලාචාර වැඩක් මේක. වැඩේ කුජීතයි. කරන්න බෑ ඒක. මේක රංගේ බණ්ඩාර මහතාගේ කතාවක් නෙවෙයි, හිස් මාස්ටර්ස් වොයිස්. එතුමාගෙ මාස්ටර් රනිල් වික්‍රමසිංහ මහතාගෙ වොයිස්ද දන්නෙ නෑ. අනිත් පැත්තෙන් බලනකොට රනිල් වික්‍රමසිංහ අපේ හිටපු අගමැතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා, අපේ ආදරණීය හිටපු නායකයා, එතුමා දැන් පරාජය පිළිඅරන්ද ?”

මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...