ධම්මිකට පිට්ටනි ඉඩ මදිවෙයි !

Date:

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් සහතික පත් ප්‍රදානෝත්සවය ජුනි මාසයේදී පැවැත්වෙනවා.

මීට කලින් මාතර සහ කුරුණෑගල පැවැත්වුණු උත්සව වගේම මේ උත්සවයටත් 10,000 කට අධික පිරිසක් සහභාගී වෙන්න නියමිතයි.

10,000 කට ආසන සකස් කරලා වේදිකාව ගහලා ටෙන්ට් එකක් ගහන්න තරම් පිට්ටනියක් හම්බන්තොටින් හොයාගන්න බැරිවෙලා ලු.

ඒ අනුව අන්තිමේ උත්සවය අඟුණකොළපැලැස්ස මහජන ක්‍රීඩාංගණයේදී පවත්වන්න තීරණය කරලා.

ජුනි 09 වෙනිදා උදේ 08.30 ට ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් සහතික පත් ප්‍රදානය ආරම්භ වෙනවා.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක්.

මේ උත්සවයේදී ඒ ඒ සිසු සිසුවියන් පරිගණක භාෂා පාඨමාලාවේ සම්පූර්ණ කරපු අදියරයන් අනුව ලබාදෙන සහතික පත්වල වටිනාකම රුපියල් මිලියන 4,000 ක් වෙනවා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...