නදීශාගේ බලාපොරොත්තු තායිවාන් දක්වා දිගු වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 30, කොළඹ (LNW): දීර්ඝ කාලයකට පසුව ජාත්‍යන්තර තරග පිටියට පය තැබූ නදීහා දිල්හානි ලෙකම්ගේ චීනයේ පැවති The Second Belt and Road Invitational Athletics Meeting &2024 National Athletics Grand Prix (5th) තරගාවලියේ ද බලාපොරොත්තු සහගත දක්ෂතා වෙත ඒමට අපොහොසත් විය.නදීශාට හයවන තැනින් සීමා වෙන්නට සිඳු වූවාය.ඇය දැක් වූ දක්ෂතාවය මීටර් 53.52 ක් පමණක් විය.
තරගයේ පළමු තැන දිනූ සූ ලින්ග්ඩාන් ද සිය උපරිම දක්ෂතාවය වන 62.66 වෙත නොගියාය.ඇය වාර්තා කලේ මීටර් 61.26 කි.එය නදීශාගේ හොඳම දක්ෂතාවය වන මීටර් 61.57 ට වඩා අඩු දක්ෂතාවයකි.එසේම ලෝකයම කළඹමින් මීටර් 64.28 ක දක්ෂතාවයක් දැක් වූ, අවුරුදු 20 න් පහළ ලෝක වාර්තාවට හිමිකම් කියන,16 හැවිරිදි යාන් ෂීයී දෙවන ස්ථානය දිනා ගත්තේ මිටර් 58.20 ක් පමණක් දුරට හෙල්ල වීසි කරමින්ය.මෙවැනි ඉසව්වල දක්ෂතා ඒ ඒ තරග අවස්ථාවන්ට අනුව වෙනස්වීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර ජූනි 1 සහ 2 පැවත්වෙන තායිවාන් විවෘත තරගාවලියේ දී යළිත් නදීශා සිය හැකියාව ඉදිරිපත් කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආකාශ්ගේ තර්ජන මැද කොදෙව් තරුණයෝ ජය කණුවට ළඟා වෙති

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ...

AI භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : රාජ්‍ය සේවය ඵලදායි...

නිලූක,චන්ද්‍රිකා සහ නදීශා අවසන් පූර්ව තරගවලට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: තායිලන්තයේ පතායා කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන...

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ජිවිතක්ෂයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : පැවති අසනීප තත්වය...