නදීශාගේ බලාපොරොත්තු තායිවාන් දක්වා දිගු වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 30, කොළඹ (LNW): දීර්ඝ කාලයකට පසුව ජාත්‍යන්තර තරග පිටියට පය තැබූ නදීහා දිල්හානි ලෙකම්ගේ චීනයේ පැවති The Second Belt and Road Invitational Athletics Meeting &2024 National Athletics Grand Prix (5th) තරගාවලියේ ද බලාපොරොත්තු සහගත දක්ෂතා වෙත ඒමට අපොහොසත් විය.නදීශාට හයවන තැනින් සීමා වෙන්නට සිඳු වූවාය.ඇය දැක් වූ දක්ෂතාවය මීටර් 53.52 ක් පමණක් විය.
තරගයේ පළමු තැන දිනූ සූ ලින්ග්ඩාන් ද සිය උපරිම දක්ෂතාවය වන 62.66 වෙත නොගියාය.ඇය වාර්තා කලේ මීටර් 61.26 කි.එය නදීශාගේ හොඳම දක්ෂතාවය වන මීටර් 61.57 ට වඩා අඩු දක්ෂතාවයකි.එසේම ලෝකයම කළඹමින් මීටර් 64.28 ක දක්ෂතාවයක් දැක් වූ, අවුරුදු 20 න් පහළ ලෝක වාර්තාවට හිමිකම් කියන,16 හැවිරිදි යාන් ෂීයී දෙවන ස්ථානය දිනා ගත්තේ මිටර් 58.20 ක් පමණක් දුරට හෙල්ල වීසි කරමින්ය.මෙවැනි ඉසව්වල දක්ෂතා ඒ ඒ තරග අවස්ථාවන්ට අනුව වෙනස්වීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර ජූනි 1 සහ 2 පැවත්වෙන තායිවාන් විවෘත තරගාවලියේ දී යළිත් නදීශා සිය හැකියාව ඉදිරිපත් කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...