2023 ලංකාවේ මානව හිමිකම්වලට මොකද වුණේ? නවතම වාර්තාව එළිදකියි!

Date:

කොළඹ LNW:2023 වර්ෂයට අදාළව ආසියාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවේ ශ්‍රී ලංකාව සමබන්ධ පරිච්ජේදය එළිදැක්වීමේ වැඩහටහන ඊයේ (30) කොළඹ ජෙට්වින් හෝටලයේදී පැවැත්විය.

එහි ආරාධිත දේශනය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් මහාචාර්ය ෆර්සාන හනීෆා මහත්මිය විසින් සිදුකරන ලදී.

ආසියානු මානව හිමිකම් සහ සංවර්ධන කේන්ද්‍රය නියෝජනය කරමින් ඉන්දියාව නේපාලය වැනි වෙනත් රටවල පර්යේෂකයින් පිරිසක් මෙන්ම මෙරට මානව හිමිකම් පිලිබඳ සංවිධාන වල නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂාව සම්බන්ධයෙන් එහිදී වටමේස සාකච්ජාවක් පැවති අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරීත්වය ගැනද එහිදී අදහස් පළවිය.

The Asian NGO Network on National Human Rights Institutions (ANNI) හි ලේකම් කාර්යාලය ලෙස මානව හිමිකම් සහ සංවර්ධනය පිලිබඳ ආසියානු කේන්ද්‍රය (FORUM-ASIA), විසින් ආසියානු මානව හිමිකම් ආයතනවල ක්‍රියාකාරිත්වය පිලිබඳ අලුත්ම වාර්තාව නිකුත් කොට තිබේ.

එහි ශ්‍රී ලංකාව පිලිබඳව වන පරිච්චේදය සකස් කිරීමට නිතිය හා සමාජ භාරය (Law and Society Trust) දායකත්වය දක්වන ලදී.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යසාධන තක්සේරුවක් මෙම ANNI වාර්තාවේ ශ්‍රී ලංකා පරිච්චේදයට ඇතුළත් කොට තිබෙන අතර එම පරිච්චේදය සඳහා පර්යේෂණ දායකත්වය නීතිය හා සමාජ භාරය වෙනුවෙන් මානව හිමිකම් පර්යේෂිකා මෙගාරා ටීගල් විසින් ලබාදී ඇත.

( එම නවතම වාර්තාවේ එන මෙරට මානව හිමිකම් සුරක්ෂාව ගැන සම්පූර්ණ වාර්තාවක් බලාපොරොත්තු වන්න)

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...