දැනුම් ගබඩාවකට ගිනිලෑම ….

Date:

අසූ එකේ ගිනිබත් කළ යාපනයේ පුස්තකාලය වූකලී ආසියාවේ සුවිශේෂී පුස්තකාලයක් බවත් ගිනිගන්නා විට එහි පොත් අනූහත්දහසකට වැඩි ප්‍රමාණයක් තිබී ඇතිබවත් කියැවේ.. එසේම යාපනයේ දෙමළ ජනයාගේ ඉතිහාස ගැන ලියවුන වසර සියගනන් පැරණි පුස් කොලපත් ලොකු ප්‍රමාණයක්ද එහි තිබී ඇත.. එමෙන්ම පුස්තකාල ගොඩ නැගිල්ලද ඔවුන්ගේ ඉතිහාස උරුමයන්, කලාවන් ඔප් නැංවෙන ලෙස ඉදිවූ පැරණි ගොඩ නැගිල්ලකි….

යාපනයේ පුස්තකාලය ගිනිබත්වීම ගැන අවංකව කනගාටුවෙන කීප දෙනෙක් නම් ඇති.. නමුත් අහවල් මෝඩාබිමානයෙන් මත්වූ දකුණේ අති බහුතරයට අපිට නැති ආසියාවේ මහා පුස්තකාලයක් යාපනේ තිබීම ගැන ඊටත් වඩා එහි පොත පත වැඩිහරියක් දෙමලෙන් ලියවී තිබීම ගැටළුවක්ව තිබෙන්නට ඇත..

උතුරට බර අවි ප්‍රහාර යෝජනාකරපු සහ සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යවෙනුවෙන් ඕනෑම සංහාරයක් වෙනුවෙන් පෙලපාලි ගිය ජනසමාජයකින් ඊටත් වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ..

අපි හරි දක්ෂයි අපි අනුමෝදන් උන වැරදි, අපරාධ කාගෙ හරි ඇඟේ තියලා අපි නිර්දොෂයි කියලා ශේප් වෙන්ට…..

පුස්තකාලය සම්බන්ද සිද්දියෙදිත් සිරිල් මැතිව් කියන්නේ දකුණේ පොදු වර්ගවාදී නරාවලේ හැදුන එක ඉහඳයෙක් ඉත්තෙක් විතරයි.. මේ කාරනයෙදි සමස්තයක් විදියට ගත්තම යාපනයේ පුස්තකාලයේ ගිනිඅලු බොරු කිඹුල් කඳුළු හෙලන දකුණේ කාගෙ කාගෙත් සියොළඟම තැවරිලා තියෙනවා…

පුස්තකාල වලට ගිනිතියලා, දෙමළ මාධ්‍යවේදීන්, ලේඛකයින් ඝාතනය කරලා සංවාද, බුද්ද්ධිමය සාකච්ඡා වලට අගුළු දැම්මම ඊලඟට සම්මුඛ වෙන්නේ ප්‍රභාකරන්, පොට්ටු අම්මාන් වගෙ ගොළු මිලටරි ශරීර…..
එතනින් එහාට සංවාද හැදුන්නේ එහාට මෙහාට යන මූනිස්සම් වලින්..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...