ඊශ්‍රායල අන්ත දක්ෂිණාංශික අමාත්‍යවරුන් දෙදෙනෙකු දැඩි තීරණයක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ සටන්විරාම යෝජනාවට තමන් එකඟ බව හමාස් සංවිධානය ඊයේ නිවේදනය කළ අතර, සටන් විරාම යෝජනාවට එකඟ වුවහොත් කැබිනට් අමාත්‍ය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන බවට ඊශ්‍රායල අන්ත දක්ෂිණාංශික අමාත්‍යවරුන් දෙදෙනෙකු අනතුරු අඟවයි.

ඊශ්‍රායලයට ඇමෙරිකාව කියාසිටින්නේ,එම යෝජනාවට එකඟත්වය පළකරන ලෙසයි .කෙසේ වුවද ජෝ බයිඩන්ගේ යෝජනාවට එකඟත්වය පලකලහොත් තමන් කැබිනට් අමාත්‍ය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන අතර ඒ හරහා රජය බිඳ දැමීමට කටයුතු කරන බවට ඊශ්‍රායලයේ මුදල් හා ජාතික ආරක්ෂාව භාර අමාත්‍යවරුන් දෙදෙනා අනතුරු අඟවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

හමාස් සංවිධානය සමඟ කිසිදු එකඟතාවයකට තමන් නොපැමිණෙන බවත් ඔවුන් විනාශ කිරීම එකම පරමාර්ථය බවත් එම අමාත්‍යවරුන් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...