*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

අපි හැමදෙනාම ග‍්‍රවුන් බේකර්ස්ලා බවට පත්වෙමු – අනුර

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 , කොළඹ (LNW): ” සෑම ක්ෂේත‍්‍රයකම නව පරිවර්තනයක් සඳහා අභියෝගයන් හමුවේ දණින් නොවැටෙන, නායකත්වයක් අපට අවශ්‍යයි” NPP ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුව අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.,

ඔහු වැඩිදුරටත් පැවසූවේ,

” අපේ පාලකයන් අතීතකාමිත්වයෙන් ජාතියක් හිරකරන ලද, ශ්‍රී ලංකාව ලෝකයෙන් විතැන් කරන ලද පාලකයන්. ලෝකය වේගයෙන් ගමන් කරමින් තිබෙන විට අපි ඒ පසුපස ඉබිගමනෙන් යනවා. මෙම තත්වය හුදු දත්ත ඇතුලේ, ආනයන අපනයන් ඇතුලේ, තාක්ෂණික දුප්පත්කම ඇතුලේ පමණක් තිබෙන්නේ නැහැ. එය සමාජයේ ව්‍යසනයක්, ඛෙදවාචකයක් බවට නිර්මාණය කරනවා.ඒ නිසා 54%කට ආසන්න ජනතාව බහුවිධ දරිද්‍රතාවයෙන් පෙළෙන රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. ජනගහනයෙන් 68%කට හරිහමන් ආහාරවේලක් උපයා ගැනීමට නොහැකි වී තිබෙනවා.පවුල් ලක්ෂ 34කට මාසෙකට හාල් කිලෝ 10ක් ගන්න පෝලිමේ ඉන්න සිදුවී තිබෙන තත්වයක් ඇතිකර තිබෙනවා. අපි තවදුරටත් මේ ගමන මේ විදිහට යාමට ඉඩ දෙනවාද? අපි මෙය වෙනස් කරනවා.

සෑම පුරවැසියෙකුටම තමන්ගේ හෘද සාක්ෂියත් සමග පුරවැසියන්ගේ අඳෝනාව ඇසෙනවා නම්, ඇසට පෙනෙනවා නම්, පුරවැසියන්ගේ වේදනාව, ඔවුන්ගේ ජීවිතයේ කටුකත්වය හදවතට දැනෙනවා නම්, මේ තත්වය දෙස නිහ`ඩව බලා සිටිමේ හැකියාවක් නැහැ. හැම පුරවැසියෙකුගේම කාර්යභාරය තමයි මෙය වෙනස් කිරීම සඳහා පෙරමුණ ගැනීම. මෙය වෙනස් කිරීම සඳහා ධෛර්යය තිබෙන, විශ්වාසය තිබෙන බලාපොරොත්තුව තිබෙන මහා මිනිස් සමුදායේ එකතුව තමයි ජාතික ජන බලවේග. එය වටා එකතු වෙන්න කියා ඔබට ආරාධනා කරනවා. අපි මේක වෙනස් කරන්න ඕනෙ. මේක වෙනස් කරන්න නම්, ආර්ථික දේහයටත්, සමාජ දේහයටත් ප‍්‍රබල කම්පනයක් ඇතිකළ යුතුව තිබෙනවා. අපි කොහොමද මේ කම්පනය ඇති කරන්නේ? අලූත් දේවල් සොයා ගන්න, අලුත් දේවල් නිර්මාණය කරන සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. පුරුදු විදිහට කෘෂිකර්මාන්තය, කර්මාන්තය, එදානෙදා ජීවන රටාව පවත්වාගෙන යමින් මේ සමාජය පරිවර්තනය කළ නොහැකියි. මෙම සමාජ පරිවර්තනය කිරීමට නම් නව දේ නිර්මාණය කළ යුතුයි. නව නිර්මාණාත්මක දේ ඇති කළ යුතුයි. අපි හිතනවා මෙම පරිවර්තනයේදී ඍගභගෘග ක්ෂේත‍්‍රයට විශාල වගකීමක් තිබෙනවා. නව පර්යේෂකයන්, අලූත් සංකල්ප, අලූත් අදහස්, අලූත් වෙළඳපොළවල් අවශ්‍යයි.

අපට අවශ්‍යයි දැක්මක් සහිත නායකත්වයක්. දැක්මක් සහිත නායකත්වයක් අවශ්‍ය වන්නේ දේශපාලනයට විතරක් නොවෙයි. අයි.ටී. ක්ෂේත‍්‍රය ඉදිරියට ගෙන යා හැකි, ප‍්‍රබලව හැප්පිය හැකි ප‍්‍රබලව පරිවර්තනයක් සිදුකළ හැකි අනාගතය දැකිය හැකි දැක්මක් සහිත නායකයන් හැදිය යුතුයි. ඒක හැම ක්ෂේත‍්‍රයකම නිිර්මාණය වෙන්න ඕනෙ. අපි වැඩිපුර කල්පනා කරන්නේ දැක්මක් ඇති නායකයන් ඕනෙ දේශපාලනයට විතරයි කියා. එසේ වන්නේ අපේ රටේ දැක්මක් නැති නායකයන් දේශපාලකයන් වන නිසා. ඉදිරි අනාගතය දකින, ඒ සඳහා සැලසුම් හදන එයට නායකත්වය දෙන නායකයන් හදන්න ඕනෙ. ඒකට විශාල බලපෑම් සහිත පුද්ගලයන් වෙන්න ඕනෙ. ඒගොල්ලන් සොයා ගන්න දේ ඒගොල්ලන් ඇතිකරන ව්‍යාපෘති, නැයැලෙන ව්‍යවසායකයා හැටියට මේ හැමදේටම බලපෑම් සහිත පුද්ගලයන් ලෝකයට අලූත් දේ නිර්මාණය කරන කොට ඒ බලපෑම් සහිත පුද්ගලයන්ගේ දායකත්වය අතිශය වැදගත්. ඉදිකිරීම් කර්මාන්තයේ, බලශක්ති ක්ෂේත‍්‍රයේ, අලූත් දිසාවන් තෝරන මග පෙන්වන බලපෑම් සහිත නායකත්වයන් අවශ්‍යයි. මාරි කියුරිලා, අයිස්ටයින්ලා, සිටීව් ජෝන්ස්ලා අවශ්‍ය නැද්ද? ඒ හැම ක්ෂේත‍්‍රයකම නව පරිවර්තනයක් ඇති කරන්නේ බලපෑම් සහිත නායකයන්. ඒ වගේම අපිට පැමිණීමට නියමිත අභියෝගයන් අභිබවා යා හැකි නායකත්වයක් අවශ්‍යයි. අභියෝගයන් හමුවේ දණින් වැටෙන, අභියෝගයන් හමුවේ පලා යන, හැකිළෙන නායකත්වයක් වැඩක් නැහැ.

මා මේ නැවත කියන්නේ දේශපාලකයන් ගැන පමණක් නොවෙයි. අභියෝගයන් හමුවේ පලා ගියා නම් න්‍යෂ්ටික බෝම්බයක් හැදෙන්නේ නැහැ. මිනිස් සංහතිය මේ තැනට වර්ධනය වෙන්නේ නැහැ. මානව සංහතිය මේ සංවර්ධනය අත්පත් කරගෙන තිබෙන්නේ අභියෝගයන් ජයග‍්‍රහණය කළ හැකි නායකත්වයක් අවශ්‍යයි. ඒ අය තමයි ටරදඅබ ඉ්ජනැරි මෙය මුළුමනින්ම වෙනස් කරන නායකත්ව ප‍්‍රජාවක් අපට අවශ්‍යයි. මේක තමයි මේ සමුළුවේ තේමා පාඨය වී තිබෙන්නේ. ඒ නිසා අපි හැමදෙනාම ග‍්‍රවුන් බේකර්ස්ලා බවට පත්වෙමු. ඒ වෙනුවෙන් ඔබ සැමදෙනාට මම ආරාධනා කරනවා”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan