පල්ලෙවෙල – ගනේගොඩ සහ වේයන්ගොඩ – ගම්පහ දුම්රිය ප්‍රමාදයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 03 , කොළඹ (LNW): ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එයට හේතුව සංඥා දෝෂයක් බව දෙපාර්තමේන්තුව දන්වා සිටී.

පල්ලෙවෙල – ගනේගොඩ සහ වේයන්ගොඩ – ගම්පහ දුම්රිය ස්ථාන අතර මෙම අඩාල වීම වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පද්ධති දෝෂය නිවැරදි කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි .

බොහෝ දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ග වෙත ගස් කඩ වැටීම් සිදුවී ඇති බැවින් ගමනාගමනට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, අයහපත් කාලගුණික තත්ත්වය සමග ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා සංඥා පද්ධතියේ දෝෂ ඇතිවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් කිහිපයක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද රැස්වෙයි!

කොළඹ LNW:පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර...

අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ඉකුත් දා...

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...