එජාපය මැතිවරණයට සැරසෙයි : රවී – හරින් සහ ෆිරෝස්ට නව තනතුරු

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් ඊයේ (02) පත් කරගනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විණි.

එහිදී ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත්කර ගෙන ඇති අතර ජාතික ලේකම් වශයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පත්කර තිබේ.

ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මැතිවරණ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත් කර ඇත.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලයේ ද සුළු වෙනසක් සිදු කර තිබෙන අතර එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ෆිරෝස් ශාබ්දීන් (Mohamed Firdouse Farook) ද භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මිස්බා සතාර් උප සභාපති ලෙසද, ක්‍රිෂාන් තියඩෝර් නියෝජ්‍ය මහ ලේකම් ලෙසද පත් කෙරිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක අකිල අකිල විරාජ් කාරියවසම් ප්‍රමුඛ සෙසු නිලධාරීන්ගේ තනතුරු වෙනස් නොවී පවත්වා ගෙන යාමටද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ අපනයන 6.0% ක සැලකිය යුතු වර්ධනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : ගෙවී ගිය මේ...

පළාත් හයකට තද වැසි – ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක්!

කොළඹ LNW:ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින්...

සුඩානය, එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මාස...

හොඳක් අහන්නෙම නැති ශ්‍රී ලංකා ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: ක්‍රිකට් පරිපාලනය කියන්නෙ හුඟ...