*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

තව දවස් 125කින් එන ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා වෙන්නේ අපේ තනි අලියා – රවී

කොළඹ LNW:තව දින 125කින් එන ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරු 700කට පත්වීම ලිපි ප්‍රධානය කිරීමේ උත්සවය අමතමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාස 30 ඇතුළත රට තුළ විප්ලවයක් සිදුකර තිබෙන බවයි කරුණානායක මහතා කියාසිටියේ.

”සමහර පිරිස් මීට වසර කිහිපයකට කලින් මේ පක්ෂය දියාරු කරන්නට උත්සාහ කළා. නමුත් අපේ පක්ෂය ඒ විදිහටම තියෙනවා. අපේ පක්ෂයේ තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නවා. අපේ පාක්ෂිකයන් නැවත පක්ෂයට ඒකරාශී වෙන්න පටන් අරන් තිබෙනවා. තව දවස් එකසිය විසි පහකින් මේ රටේ ජනාධිපතිවරණයක් තිබෙනවා. අපේ රටේ නිර්පාක්ෂික අපේක්ෂකයා විදිහට අපි ඉදිරිපත් කරන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය මාස තිහ ඇතුළේ මේ රටේ විශාල විප්ලවයක් ඇතිකළා. මාස විසිපහකට පෙර මේ රටේ විදුලිය තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. ප්‍රවාහනය තිබුණේ නැහැ. ගෑස් තිබුණේ නැහැ. අද ඒ සියල්ල වෙනස් ආකාරයට වෙනස් කරලා තිබෙනවා. ජන ජීවිතයේ අමාරු වුණත් එදා තිබුණ තත්ත්වයට වඩා යහපත් කරලා නීති ගරුකව රට පාලනය කරන තත්ත්වයකට පත්කරල තිබෙනවා.”

ඩුප්ලිකේට් පක්ෂ තුළින් වසර 75ක් පරණ එක්සත් ජාතික පක්ෂය නැති කරන්නට බැරි බවයි රවී කරුණානායක මහතා පැවසුවේ.

”අවසන් ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයාට ලක්ෂ පනස් පහක් පමණයි ඡන්ද ලබා ගැනීමට හැකියාව තිබුණෙ. ඉන් මාස හයකට පසුව තිබෙන මහා ජන්දයේදී එක්සත් ජාතික පක්ෂය දිය කරන්නට හදපු ඒ අයට ලක්ෂ පනස් පහ ලක්ෂ 27 ට අඩුවෙනවා. සියලුම මුස්ලිම් දෙමළ ඡන්ද සියල්ල ගත්තහම ලක්ෂ විසි දෙකක පමණ ඡන්ද ප්‍රමාණයක් පමණයි සත්‍ය වශයෙන්ම ලබා ගැනීමට හැකියාව ලැබිලා තිබෙන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ඡන්ද ලක්ෂ තිහක් නිහඬ වුණා.”

වත්මන් ජනාධිපතිවරයා නිසා එම නිහඬ වුණු ලක්ෂ තිහ නැවත අවදි සිටින බවත් වැරදි නිවැරදි කරගනිමින් නව ගමනක් ආරම්භ කර තිබෙන බවද හෙතෙම කියා සිටින ලදී.

”අනෙක් දේශපාලන පක්ෂ සිහින ලෝක වල සහ අන්තවාදී ගමන්වල සිටිනවා. ජනාධිපතිවරයා ඉන්දුනීසියාවේදී ඉලෝන් මස්ක් මුණ ගැහුණා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගණුදෙනු කරන්න බැහැ කියපු අය කියන්න අරගෙන තිබෙනවා ඉලෝන් මස්ක් කියන්නේ ආර්ථික ඝාතකයෙක් කියලා. මෙවැනි සංවර්ධන අපේක්ෂාවන් එක්ක වැඩ කරන මොහොතට විරුද්ධ වන අයට මේ රටේ අනාගතයක් තියෙනවද කියන කාරණය අපි සිතා බැලිය යුතු වෙනවා.” යනුවෙන් රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan