( VIDEO )ගහන්නත් ඉස්සෙල්ලා ලංකාවට ලැබුණු දිනුමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 03, කොළඹ (LNW):

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන්නේ moose විසින් නිෂ්පාදනය කරන ලද ඇඳුමක් සමඟයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ Moose විසින් එළැඹි එකඟතාවයක් මත,මෙම ඇඳුම නිර්මාණයේදී,ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ෂණය ලබාගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.ඒ අනුව නිර්මාණය කරන ලද ඇඳුම නිර්මාණය කිරීමේදී,ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ආකර්ෂණය කරගන්නා අයුරින් මේ ඇඳුම් නිර්මාණයට විශේෂ සංකේත සහ ස්ථාන ඇතුළත් කර තිබෙනවා.

එම කාරණය කෙතරම් දුරට විදේශිකයන් ආකර්ෂණය කර තිබෙන බවටත්,අවබෝධ කරගෙන තිබෙන බවටත් පැහැදිලි උදාහරණයක් මෙම වීඩියෝ දර්ශන පෙළෙන් ඔබට ලබා ගත හැකියි. තරගාවලිය සඳහා දක්ෂ ක්‍රීඩක කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව,මෙවර තරගාවලියේ ලෝක කුසලානය සඳහා බලපෑම් ඇති කළ හැකි කණ්ඩායමක් බවට හඳුනාගත හැකියි. ඔවුන්ගේ ඇඳුම බලාපොරොත්තු වූ අරමුණ සාක්ෂාත් කරන ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ආකර්ෂණයට මග පාදන්නක් හැටියට තරගාවලිය ආරම්භයට පෙර සිටම ජයගෙන ඇති බවද මේ වීඩියෝව හරහා පැහැදිලි වේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...