රනිල්ට පොහොට්ටුවේ සහය නැතිවෙන හැඩ.මහින්ද දෙගිඩියාවෙන්?

Date:

කොළඹ LNW: ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන හෙවත් පොහොට්ටුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන අනාගතය මෙන්ම නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලය අවසන් වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමඟ ඇති දේශපාලන සම්බන්ධය ද පොහොට්ටුව අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්.

යම් ලෙසකින් පොහොට්ටුවේ සහය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දුන්නොත් එය අනාගතයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන අවසාන වීමට පාර කපා ගැනීමක් වනු ඇති බවටයි පොහොට්ටුව තුළ සාකච්ජා වී ඇත්තේ.

රාජපක්ෂ නාමය මත රැඳී තිබෙන පොහොට්ටුවේ දේශපාලනය ඉදිරියේදී භාර වන්නේ නාමල් රාජපක්ෂට වන හෙයින් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමෙන් නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයට අහිතකර බලපෑමක් එල්ලවනු ඇති බවට මහින්ද රාජපක්ෂ මහතාද අනුමාන කර තිබෙන හෙයින් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම ගැන මහින්ද රාජපක්ෂ මහතාද පසුවන්නේ දෙගිඩියාවකින් බව වාර්තා වෙයි.

කෙසේවෙතත් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ගැන බැසිල් රාජපක්ෂ මහතාගේ එතරම් විරෝධයක් එල්ල වී නැති බවද සඳහන්. දැනටමත් ආණ්ඩුව තුළ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් සිටින්නේද බැසිල් හිතවාදී කණ්ඩායමයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය පවසමින් සිටින්නේද රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...