රත්නපුර,නිවිතිගල, අයගම සහ කලවාන අධ්‍යාපන කළාපයන්හි පාසල් හෙටත් වැසේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 , කොළඹ (LNW): නිවේදනයක් නිකුත් කරමින් ,හෙට (05) දිනයේ රත්නපුර අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබෙන බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

එසේම නිවිතිගල අධ්‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය කර ඇත. එම ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ, එසේම හෙට දිනයෙන් පසුව ඇතිවන කාලගුණ තාත්තය මත කළාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ලබන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...